Print this Article


පෝදා පින්කම්

කල්‍යාණි රාජමහා විහාරය

පෙරවරු 05.25-06.00 සීල සමාදානය ,උදෑසන බුද්ධ පූජාව, ශාස්ත්‍රවේදි රන්දිලිගම මහින්ද හිමි, 08.00-09.00 ගුවන්විදුලි ධර්මදේශනාව අගලකඩ සිරිසුමන හිමි, 09.00 -10.30 දිවා බුද්ධ පූජාව ගොඩපල නන්ද හිමි. පස්වරු 02.00-03.00 විශේෂඥ වෛද්‍ය දේශනය 03.00-04.00 පිරිත් දේශනය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලුදෙනා, 04.00-05.00 ගුවන්විදුලි ධර්මදේශනාව දෙනියාවේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි. 05.00-06.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි. 06.30-07.00 ගිලන්පස බුද්ධ පූජාව කළුබෝවිල පදුම හිමි 07.00-08.00 ධර්මදේශනාව ඇත්කඳුරේ සුමනසාර හිමි. 09.30- සිට පසුදා පහන් වනතුරු සර්ව රාත්‍රික ගුවන් විදුලි පරිත්‍රාණ ධර්මදේශනාව

****

කළුතර බෝධිය

පෙරවරු. 6.15 – 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව පනාපිටියේ විජිත නන්ද හිමි, 7.30 – 9.45 ධර්ම දේශනය තපෝවනයේ සුමේධ හිමි, 10.00 – 11.15 ධර්ම දේශනය නෙළුවේ සුමනවංශ හිමි,පස්වරු 1.00 – 3.00 දේශනය ආචාර්ය දයාරෝහණ අතුකෝරළ මහතා, 3.15 – 6.30 ධර්ම දේශනය මාරඹේ කුසල ධම්ම හිමි 6.45 – 7.30 පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත්වූ බෝධිපූජාව (පටිගත කළ එකකු), 7.45 – 9.00 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 9.15 සිට රූපවාහිනී තුළින් බෞද්ධ වෙහෙර විහාරස්ථාන නැරඹීම.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

තරුණසීල සමාදානය

පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම,අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි 08.00-09.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි 09.00-10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති ඉඟුරුවත්තේ ධම්මගවේෂී හිමි, 10.00-11.15 පරෝපකාර සංග්‍රහය –අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30-1.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩි මධුභාණි හිමි, 1.00-2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි 02.00-3.00 ගිහි දේශනය මහාචාර්ය රවීන්ද්‍ර කොග්ගලගේ මහතා, 03.00-04.00 ධර්ම දේශනාව ආචාර්ය පණ්ඩිත මාදුරුඔයේ ධම්මිස්සර මාහිමි.4.15-5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 05.00-06.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි , 06.00-06.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදාන ය

පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 08.00-09.00 භාවනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 09.00-10.00 සූත්‍ර දේශනාව වැලිමඩ පසන්න මානස හිමි, 10.00-11.00 අභිධර්ම සාකච්ඡාව පියදාස මුතුගම මහතා 11.00-11.15 බුද්ධ පූජාව පැණසිහගම ඛේම හිමි, යාලගමුවේ මංගල හිමි, පස්වරු 12.35-01.00 පිරිත් හා තෙරුවන් ගුණ මහියංගණයේ ධම්මසිද්ධි හිමි, මාතලේ සුමානිත හිමි, 01.00-02.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02.00-03.00 ධර්ම දේශනාව කුකුල්පනේ සුදස්සි හිමි, 03.00-03.45 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණඩිත බොරලැස්ගමුවේ පේමරතන හිමි, 04.00-05.00 ධර්ම දේශනය තලහගම නාරද හිමි, 05.00-06.00 ධම්මපදය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පානදුරේ පසන්න හිමි 06.00-06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, හක්මන සුමණසිරි හිමි

****

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

අලුයම 5.30 ට – කිරිපිඬු දානය සහිත පෙරහ ර පෙරවරු 6.30-7.30 දක්වා උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව . ධර්මායතනාධිපති දම්පහල ඤාණරතන නාහිමි.08.00-09.00 ධර්ම දේශනාව දම්පහළ ඤාණසුධීර හිමි 9.30-10.30 ජාතක කථා දේශනාව ශාස්ත්‍රවේදී නිමල් අමරවංශ මයා 10.30-11.00 භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි 11.00-12.00 දක්වා දහවල සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි. පස්වරු 12.30-2.00 දුරුතු පුර පොහොය පිළිබඳ දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මයා 2.00-3.00 ගිහි දේශනය ආචාර්ය පී‍්‍රති කුලතුංග මයා 03.00-04.00 ධර්ම දේශනය වඳුරඹ ඤාණාලෝක හිමි 4.00-5.00 මහපිරිත් දේශනාව සහිත මහාසමය සූත්‍රදේශනාව ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා 6.30 ට අෂ්ඨපාන සහිත සම්මා සම්බුද්ධ අටවිසි ගිලන්පස බෝධි පූජාව. ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි පස්වරු 12.15 ට “බුදුසරණ” පුවත්පත බෙදා දීම දායකත්වය ඔක්කම්පිටිය බුරුතගොල්ල පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය විසිනි.

****

තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂිරපායාස අටවිසි බුද්ධ පුජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදි දසසිල් මාතාව විසින් පවත්වති. පෙරවරු 8.00 -9.00 ධර්මදේශනාව ශාස්ත්‍රවේදි බඹරැන්දේ වජිර හිමි, 10.15-11.00 භාවනාව වැලිවේරියේ ගෝතමී දසසිල් මාතාව 11.00 දහවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.30 -1.00 දක්වා ධම්මචක්කපවත්තන සූත්‍ර සජ්ඣායනය 1.00 සිට 2.00 දහම් දෙසුම ශාස්ත්‍රපති කොඩිකාර සුනීත හිමි. 2.15 - 3.00 ධර්ම දේශනාව උඩහමුල්ලේ තාදි දසසිල් මාතාව, 3.00 සිට 4.00 ධර්ම දේශනාව අතුරුගිරියේ ධම්මවිහාරි හිමි, 4.00 -5.00 ධර්මදේශනාව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත දිවාරුන්වෙල විනීත හිමි,අනතුරුව තුන්සූත්‍ර දේශනාව අවසානයේ සිල්පවාරණය සිදුකෙරේ. සවස 6.00 ට මල් පහන් ගිලන්පස අටවිසි බුද්ධ පූජාවකි. බෝධි පූජාව සහ අසූමහා ශ්‍රාවිකා පූජාව අරැව්වල තිසරණි දසසිල් මෑණියන් වහන්සේ විසින් පැවැත්වේ. මෙවරද සිල්වත් පිරිස අතර ධර්මදානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.

****

අනුරාධපුර මහා විහාරය

අනුරාධපුර මහා විහාරයේ පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවේ මෙවර දුරුතු පුන් පොහෝ දින බෝමළුව පන්සලේ සන්නිපාත ශාලාවේදී පැවැත්වේ. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි බෝමළුව විහාරවාසී කිරින්දේ ඥානදර්ශන හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධිකරණය කරති. පෙරවරු 5.00ට අටසිල් සමාදන් වීම, 6.30 බුද්ධ පූජාව, 8.00ට ධර්ම දේශනාව - මහාචාර්ය මල්වානේ චන්දරතන හිමි, 9.00ට ධර්ම දේශනාවට අදාළ ගැටළු සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය, මහාචාර්ය වයි.එම්. වික්‍රමසිංහ මහතා, 10.15 දේශනයට අදාළ ගැටළු සාකච්ඡා කිරීම, මධ්‍යාහ්න 12.00 ජාතක කතා දේශනාව - රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, 1.00ට ධර්ම දේශනාව- කරපික්ගම සෝභිත හිමි, 2.00 ධර්ම දේශනාවට අදාල ගැටළු සාකච්ඡා කිරීම 2.45 දම්සභා මණ්ඩපය - සහභාගිත්වය ශාස්ත්‍රපති කෝදාගම සුමන හිමි, ආචාර්ය කේ එම්. අයි. ස්වර්ණසිංහ, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහත්වරු 4.00 භාවනාව පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධිපූජාව ශාස්ත්‍රවේදී කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල් පවාරණය

****

කතරගම කිරිවෙහෙර

ඓතිහාසිත කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී දුරුතු පෝදා පින්කම් රැසක් කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නා හිමියන්ගේ අනුශාසන පරිදි සිදුකෙරේ. එදින උදෑසන අටසිල් සමාදන්කරවීම, කිරි ආහාර පූජාව, ශබ්ද පූජාව මධ්‍යයේ කංචුක පූජාව පැවැත්වේ. උදේ ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී මාරපන විජිත නාහිමියන් විසින් පැවැත්වෙන අතර භාවනාව චෛත්‍ය මළුවේ පැවැත්වේ. මල් පෙරහර කිරිවෙහෙර චෛත්‍යය අභියස සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් පූජා කිරීමෙන් අනතුරුව බෝධී පූජාව කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධීකාරි අෂ්ඨඵල බෝධි තේවාව භාර තලගල ඤාණින්ද හිමියන් විසින් සිදුකෙරේ. රාත්‍රී 700 ට අටවිසි බෝධි පූජාවද, පහන් 5000ක ආලෝක පූජාවද පැවැත්වේ. කලුතර නිලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය, විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කොට ඇත.

****

කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරය

පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර බුද්ධ පූජාව, බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි, 6.00 – 7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත දික්වැල්ලේ උපතිස්ස හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව තල්ගමුවේ සුධීරානන්ද හිමි, 11.00 – 11.30 ව්‍යාංජන තිස් දෙකක් සහිත සම්බුදු පූජාව, අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 “දම්සභා මණ්ඩපය” සාකච්ඡාව ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත රදාවඩුන්නේ ඤාණවිමල හිමි, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මහතා. 2.00 – 3.00 ධර්ම දේශනාව කහගොල්ලේ සෝමවංශ නා හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව කෝරළයාගම සරණතිස්ස හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව හඟරංගල සුමේධ හිමි, 5.30 - 6.00 මහා ඖෂධ පූජාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය, මෙහෙයවීම - මරගම පදුම හිමි.

****

බම්බලපිටිය සිරි වජිරාරාමය

පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම,අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද මහානා හිමිපාණෝ.08.00-09.00 ධර්මානුශාසනාව වෙරලුගොල්ලේ උදයනන්ද හිමිපාණෝ 09.00-10.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත දික්වැල්ලේ උපතිස්ස හිමි10.00-11.15 භාවනාව /අනුශාසනාව සහ බුද්ධ පූජාව ගම්පහ පාසාදික හිමි. පස්වරු 12.15-01.00 සෙත් පිරිත් ශාස්ත්‍රපති කඹුරුගමුවේ මහනාග හිමි, 01.00-02.00 ධර්ම සාකච්ඡාව මීගොඩ සුඛිත හිමි, 02.00-03.00 භාවනාව සහ අනුශාසනාව පිටිපන සාසනරතන හිමි, 03.15-04.15 ගිහිදේශනය ජයසේන එදිරිසිංහ මයා 04.15-05.15 ධර්මානුශාසනාව ශාස්ත්‍රපති කිරම අරියදේව හිමි.05.15-06.15 ධර්මානුශාසනාව, ශාස්ත්‍රපති වේරදූවේ මහින්ද හිමි, 06.15-06.30 සිල් අලුත් කිරීම හා අටවිසි බුද්ධ වන්දනාව කුරුණෑගල චරණධම්ම හිමි

****

තලවතුගොඩ ශ්‍රී ඥානාරාමය

පෙරවරු 06.00-07.00 කිරිපිඬු පූජාව සීල සමාදානය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි. 08.00-09.00 ධර්ම දේශනාව, බොරැල්ලේ කෝවිධ හිමි, 09.00-9.30 භාවනාව , 09.30-10.30 ධර්ම දේශනාව තලල්ලේ චන්දකිත්ති හිමි 10.30-11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව පස්වරු 12.15-1.00 ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව, 01.00-2.30 ධර්ම සාකච්ඡාව මීතලාවේ විනීත හිමියන් සමඟ මහකෙළියේ ලොකු ස්වාමීන් වහන්සේ 03.00-4.00 ධර්මදේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි 04.00-05.00 ධර්ම දේශනාව නාමල්ගමුවේ විජයශීල හිමි 05.00-5.30 සිල් පවාරණය සහ කරණීයමෙත්ත සූත්‍ර දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි.

****

කඩවත සමාධි මැදුර

පෙරවරු 6.30-7.30 සීල සමාදානය මෙහෙයවීම. මකුල්ඇල්ලේ සිරිනන්ද හිමි 8.30-11.00 භාවනාව සහ බුද්ධ පූජාව පයාගල නන්ද හිමි. පස්වරු 1.30-3.30 ධර්ම සාකච්ඡාව පයාගල නන්ද හිමි 4.00-5.00 ධර්ම දේශනාව නිකපොත සුමිත්ත හිමි 05.00-06.00 බුද්ධ පූජා බෝධි වන්දනා සෙත්පිරිත්

****

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

පෙරවරු 6.00 උපෝසථ ශීල සමාදානය, සම්බුද්ධ පූජාව සහ අනුශාසනාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති රම්මලේ අරියවිසුද්ධි හිමි. 8.00 වෙසෙසි දෙසුම , දර්ශනපති කථිකාචාර්ය ආනන්ද සිල්වා මහතා 9.30 ධර්මදේශනය විදුරපොල ආනන්ද හිමි. 11.00 දහවල් සම්බුද්ධ පූජාව පොල්වත්තේ ධම්මවිසුද්ධී හිමි පස්වරු 12.45 පිරිත් සජ්ඣායනය සහ තෙරුවන් වන්දනාව ධර්මායතනවාසී සඟරුවන සමඟින් සිල් පිරිස, 2.00 ධර්ම දේශනය දිවුරුම්වෙල විනීත හිමි 3.00 ධර්ම දේශනය කුට්ටිකුලමේ පේමාලංකාර හිමි. 4.00 ධර්ම දේශනය, රම්මලේ අරියවිසුද්ධි හිමි. රාත්‍රි 7.00 රාත්‍රී සම්බුද්ධ වන්දනාව රම්මලේ අරියවිසුද්ධි හිමි සමඟ ධර්මායතනවාසී සඟරුවන මෙදිනද බුදුසරණ පුවත්පත ධර්මදානය වශයෙන් බෙදාදීමෙන් දායකත්වය දරන්නේ ජයතිස්ස කොඩිතුවක්කු මහතා විසිනි.

****

කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත, ශ්‍රී ජයශේඛරාරාම විහාරස්ථානයේ පුරපසළොස්වක පොහෝදා, ශීල,භාවනා, ධර්මදේශනා මාලාවක්, ත්‍රිපිටකාචාර්ය, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් දවස පුරා පැවැත්වේ. පෙරවරු 6.00-6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය, තලල්ලේ සිරිමහින්ද නාහිමි. 7.00-7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි. 08.00-9.00 භාවනාව කන්තලේ සුමිත්ත හිමි. 9.15-10.15 ධර්ම දේශනාව ගලමඩ සම්බුද්ධාලෝක හිමි. 10.30-11.00 දහවල් සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි. පස්වරු 12.15-12.45 සෙත්පිරිත් දේශනාව, ශී‍්‍ර ජයශේඛරාමවාසී ස්වාමින් වහන්සේලා 2.15-3.15 ධර්මදේශනාව කන්තලේ සුමිත්ත හිමි. 3.30-4.30 ට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව , තලල්ලේ සිරිමහින්ද නාහිමි. 4.30-5.30 ධර්ම දේශනාව, 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි. 6.45-7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00 සිට 9.00 දක්වා ධර්ම දේශනාව (පටිගත කරන ලද දේශනයක්)

****

කුරුණෑගල දඹුල්ල පාර ශ්‍රී සාරානාත් විහාරය

පෙරවරු 6.30-7.45 සීල සමාදානය , කිරි ආහාර පූජාව, තෙරුවන් වන්දනාව – විහාරාධිපති උප්පලවත්තේ විමලානන්ද හිමි. 8.15-10.15 භාවනාව නිමල් රාජපක්ෂ මහතා, 11.00 දහවල් සම්බුද්ධ පූජාව , බැමිණිගල්ලේ සාන්ත හිමි, සීල ආවර්ජන, තෙරුවන් වන්දනාව , තුන් සූත්‍ර දේශනාව – සියලුම සිල් පිරිස පස්වරු 2.00 ධර්ම සාකච්ඡාව විශ්‍රාමික අධ්‍යාපන නිලධාරි චරිත වික්‍රමසිංහ මහතා , 4.00 විශේෂ ධර්මානුශාසනාව 6.00 අධිෂ්ඨාන පහන් පූජාව සහ ආශිර්වාද බෝධි පූජාව මෙහෙයවීම – විහාරාධිපති උප්පලවත්තේ විමලානන්ද හිමි.

****

හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථනයෙහි දුරු තු පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි අම්බලන්ගොඩ සුමනනන්ද, දේවගොඩ පියරතන, ඇලපිටිවෙල නන්දවිමල, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය.

****

පාදුක්ක සුගත ගුණවර්ධන සේනාසනය

06.00-7.00 සීල සමාදානය හා අනුමෝදනාව බටවල ශ්‍රී සුගතගුණවර්ධන විවේක සේනාසනාධිපති ශාස්ත්‍රපති ත්‍රිපිටකාථාචාර්ය දිප්පිටිගොඩ සෝමශාන්ත හිමි 7.00-7.30 සම්බුද්ධ පූජාව, බටවල ශ්‍රී සුගතගුණවර්ධන විවේක සේනාසනවාසි ස්වාමින් වහන්සේ, 08.00-09.00 ධර්මදේශනාව වෙන්නවත්තේ රතනජෝති හිමි , 09.00-10.00 ධර්ම දේශනාව කෝරලයාගම සරණතිස්ස හිමි 10.15-11.15 ධර්මදේශනාව ගලබොඩඅත්තේ සුගතධීර හිමි, 11.15-11.30 සම්බුද්ධ පූජාව බටවල ශී‍්‍ර සුගතගුණවර්ධන විවේක සේනාසනවාසී ස්වාමීන් වහන්සේ

****

වේවැල්දෙණිය සමථ විපස්සනා මධ්‍යස්ථානය

06.00-6.30 කිරි ආහාර පූජාව, 6.30-7.30 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව පොල්ගහවෙල මිතභාණි හිමි. 7.30-7.45 සම්බුද්ධ පූජාව, බලංගොඩ සුසීල හිමි. 8.00-9.00 භාවනාව අම්පාර, නිරෝධ හිමි, 9.00-10.00 ධර්ම දේශනාව කඩවත ගුණානන්ද හිමි, 10.00-11.00 සම්බුද්ධ පූජාව බලංගොඩ සුසීල හිමි. පස්වරු 1.00-2.00 පිරිත් දෙසුම 2.00-3.00 භාවනාව, අම්පාර නිරෝධ හිමි, 03.00-5.00 ධර්මදේශනාව ධර්ම සාකච්ඡාව, පොල්ගහවෙල මිතභාණි හිමි 5.00-6.00 බෝධි පූජාව.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සෙනසුන

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය, අනුශාසනාව ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, 7.30 – 8.00 තෙරුවන් වන්දනාව, 8.30 – 10.00 භාවනාව ශාස්ත්‍රපති තල්පත්තුව සද්ධාතිස්ස මාහිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති අලුත්වෙල ධම්මසති හිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්මදේශනාව දර්ශනපති අළුබෝමුල්ලේ ධම්මාලංකාර මා හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව පිටකන්දේ ආනන්ද විමලකීර්ති මාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද මාහිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මීගොඩ සුඛිත හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව, ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන් විසින් දේශිත දම්දෙසුම් අඩංගු ධර්ම ග්‍රන්ථයක් මෙදින ද සියලුම උපාසක උපාසිකාවන්ට පරිත්‍යාග කෙරේ.

****

කෑගල්ල තරුණ බෞද්ධ සංගමය

කෑගල්ල තරුණ බෞද්ධ සංගමයේදී හෙම්මාතගම සිද්ධාර්ථ නාහිමිියන්ගේ අනුශාසකත්වයෙන් පෝදා වැඩසටහන් පැවැත්වේ. සිල් වැඩසටහන ආයුර්වේද වෛද්‍ය සමරවර්ධන නිශ්ශංක මයා, පෙරවරු 6.45 -7.00 බුද්ධ වන්දනාව බී.එම්. එස්. බී. බස්නායක මයා, 7.00 – 8.00 අටසිල් සමාදන් කරවීම බුද්ධ පූජාව හෙම්මාතගම සිද්ධාර්ථ නා හිමි, 9.00 – 10.00 ධර්ම උපදේශනය එම්.ආර්. මද්දුම බණ්ඩාර මයා, 10.00 – 11.00 ධර්මානුශාසනාව එස්.එම්.කේ. සිරිවර්ධන මයා, පස්වරු 12.00 1.00 ධර්ම දේශනාව යූ.ජී.එම්. බණ්ඩාර උඩගෙදර මයා, 1.00 1.30 සීල ආවර්ජනය බී.එම්.එස්.බී. බස්නායක මයා, 1.30 – 3.00 ධර්මානුශාසනාව මැණික්කඩවර ධම්මරංසි හිමි, 3.30 – 4.45 ධර්මානුශාසනාව මිගලෑවේ නන්දරතන හිමි.

****

කැලණි තරුණ බෞද්ධ සමිතිය

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 ධර්ම දේශනය, 9.15 ධර්ම දේශනය බටලන්දේ චන්දකිත්ති හිමි, පස්වරු 10.30 බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, පස්වරු 1.15 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.30 බෝධි පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි.

=****

පිළියන්දල තරුණ බෞද්ධ සමිතිය

පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ 75 වැනි සාංවත්සරික පින්කම මෙවර පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ මස 23 වැනිදා තුම්බෝවිල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙනේ සිල් සමාදන් වන පිරිසට උදේ දවල් දානය එදින පෙරවරු 9.30 ට උඩුගල්මොටේ තිලකසිරි හිමියන් විසින් පවත්වන ධර්ම දේශනාවද, සවස 5 සිට 6 දක්වා ධර්මදේශනය පන්විල සෝරත නා හිමියන්ද 31 වැනිදා සවස 2.30, 75 වැනි සංවත්සරය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිළියන්දල මධ්‍ය මහා විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

****

මහා බෝ වන්දනාව සහ මහා බෝ පෙරහර

සිරි සිදුහත් භික්ෂු පදනම සහ සිරිමහ බෝ පදනම සංවිධානය කරන මහ බෝ වන්දනා සහ මහ බෝ පෙරහර මේ මස 30 වැනිදා පස්වරු 1 සිට 6 දක්වා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස දී පැවැත්වෙන බව නාලන්දේ විමලවංශ හිමියෝ පවසති.

****

මිණිඔළුවේ ශ්‍රී විද්‍යාවාස පිරිවෙන

මීරිගම, මිණිඔළුවේ විද්‍යාවාස පරිවේණස්ථ ශී‍්‍ර ඤාණේශ්වර දහම් පාසලේ සියලු දෙනා එක්ව සංවිධානය කරන දුරුතු මහා පින්කම 51 වැනි වරටත් මේ මස 23 වැනිදා ඉහත විහාරස්ථානයේදි පැවැත්වෙයි. මල් 84000 කට අධික මල් පූජාවක්ද, පහන් 2559 කට අධික ප්‍රදීප පූජාවක්ද ඊට සමගාමීව තවත් පින්කම්ද පැවැත්වෙයි. එදින රාත්‍රී 7.30 සිට 8.30 දක්වා ධර්ම දේශනය සහ බෝධි පූජාව මඩලගම රතනසිරි හිමියන් විසින් පවත්වනු ලබයි.

****

මහනුවර තරුණ බෞද්ධ සංගමය

පෙරවරු 6.45 – 7.30 අටසිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව හිනිදුම චන්ද්‍රාලෝක හිමි, 8.15 – 9.15 භාවනාව හා සාකච්ඡාව නාලන්දේ පවර හිමි, 9.30 – 10.30 ධර්මානුශාසනාව හා සාකච්ඡාව නාලන්දේ පවර හිමි, 10.30 – 11.30 දහවල් බුද්ධ පූජාව - මහනුවර, අස්ගිරි මහා විහාරීය පිරිවෙනේ ස්වාමීන් වහන්සේ නමක්, පස්වරු 1.00 – 2.30 ධර්ම දේශනාව හා සාකච්ඡාව ආචාර්ය රාජකීය පණ්ඩිත අත්තරගම කුසල හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව හා සිල් පවාරණය, ආචාර්ය කොළඑළියේ සුදස්සි හිමි. කේ. බණ්ඩාරනායක

****

කොක්මාදූව ශ්‍රී පූර්වාරාමය

වැලිගම කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ මෙම මස 23 වන දිනට යෙදෙන පොහෝදා දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වේ. විහාරාධිපති ශාස්ත්‍රපති කැටවල ඉන්දසාර හිමියන්ගේ අනුශාසනා පරිදි පෙහෙවස් සමාදන් කරවීම, බුද්ධ පූජා, බෝධි පූජා, ධර්ම දේශනා ආදී ආගමික කටයුතු සිදුවෙයි. විහාරස්ථ දායක සභාව මෙම පින්කම් මාලාව සංවිධානය කර ඇත.