Print this Article


මාවිත්තර දූවේවත්ත විහාරය

මාවිත්තර දූවේවත්ත පුරාණ විහාරයේ අභිනව සංඝාවාසය විවෘත කිරීම මේ මස 27 වැනිදා පෙරවරුවේ සිදු කෙරේ.

වසර 177 පැරැණි මෙම විහාරස්ථානයේ ඉදිකළ පැරැණි පොදු ගොඩනැගිලි ශිල්ප ක්‍රම රැගත් අභිනව සංඝාවාසය වර්තමාන විහාරධිපති අළුත්ගම මැදගම උභයවාපිකාරාම මාවිත්තර සුමනරතන හිමියන්ගේ ගුරු දේවයාණන් වහන්සේ වූ මාවිත්තර ශ්‍රී ගුණරතනාභිධාන මාහිමියන්ගේ 46 වැනි ගුණානුස්මරණ සමරුව යෙදෙන 27 වැනිදාට විවෘත කෙරෙන්නේ වත්මන් විහාරධිපතින් වහන්සේ අතිනි. ඉන් අනතුරුව මහා සංඝරත්නය විෂයෙහි දානමය පුණ්‍ය කර්මයක් සිදු කිරීමටත් 28 වැනිදා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වීමටත් නියමිතය.