Print this Article


නොමිලයේ පැවැත්වෙන චිත්තාභ්‍යාස සංවර්ධන පුහුණු පාඨමාලාව

නොමිලයේ පැවැත්වෙන චිත්තාභ්‍යාස සංවර්ධන පුහුණු පාඨමාලාව

කැලණිය, හිඹුටුවැල්ගොඩ සුදර්ශන මාවත අංක 110 ලිපිනයේ පවත්වාගෙන යන. කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති චිත්තාභ්‍යාස සංවර්ධන උපදේශක උතුරාවල ධම්මරතන හිමියන්ගේ මූලිකත්වයෙන් 2016 වසර සඳහා චිත්තාභ්‍යාස සංවර්ධන පුහුණු පාඨමාලාව පෙබරවාරි 06 දා ඇරැඹේ.

සෑම මසකම පළමු සෙනසුරාදා දිනකම පෙ.ව. 9.00 සිට 02.00 දක්වා කැලණිය හිඹුටුවැල්ගොඩ සුදර්ශන මාවතේ අංක 738/1 චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී මෙම පාඨමාලාව නොමිලයේ පැවැත්වේ.

සතර සතිපට්ඨාන භාවනාව සරලව පැහැදිලිව පියවරෙන් පියවරට ප්‍රායෝගිකව උගන්වනු ලබන අතර ගිහි පැවිදි අයට සහභාගි විය හැකි බව එම “චිත්තාභ්‍යාස පාලක සභාව” දන්වා සිටියි.