Print this Article


රත්මලේ පුඤ්ඤරතන හිමියෝ ජර්මනියේ සංඝ නායක පදවියෙන් පිදුම් ලබති

රත්මලේ පුඤ්ඤරතන හිමියෝ ජර්මනියේ සංඝ නායක පදවියෙන් පිදුම් ලබති

ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ජර්මන් ආයතනයේ ආයතනාධිපති, මයින්ස් නුවර යොහානස් ගුටෙන්බර්ග් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය කරුණා සමාධි සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, රත්මලේ පුඤ්ඤරතන හිමියන්ගේ ජාත්‍යන්තර ආගමික සහ සමාජයීය මෙහෙවර අගයමින් මල්වතු මහා විහාරය විසින් ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය උන්වහන්සේ වෙත පිරිනමා ඇත.

ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය මේ මස 21 වැනි දින සවස 03.00 ට තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මල්වතු මහා විහාරයීය උපොස්ථාගාරයේදී පැවැත්විණ. අභිනව නාහිමි උපහාර උළෙල 21 වැනි දින යක්කල බෝගමුව පල්ලිය පාරේ කරුණා සමාධි සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වේ.