Print this Article


ශ්‍රී දළදා මාළිගාවේ අළුත් සහල් මංගල්‍යය

ශ්‍රී දළදා මාළිගාවේ අළුත් සහල් මංගල්‍යය

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අළුත්සහල් මංගල්‍යය මේ මස 23 වෙනිදාට යෙදෙන පුර පසළොස්වක පෝදින චාරිත්‍රානුකූලව පැවැත්වේ.

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අණ පරිදි කාරියකරවන කෝරාල කේ. එම්. සී. කරුණාතිලක මහතා විසින් නිකුත් කරන ලද ප්‍රකාශයෙන් සඳහන්වන පරිදි ශුභ නැකැත් වේලාවන් අනුව පල්ලේකැලේ දළදා මාළිගාවේ අටුවෙන් ගෙනඑන ලද වී සහල් ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන කොට ඇති සියලු විහාර දේවාලයන්හි ධාන්‍ය තැන්පත් කිරීම සිදුකිරීම චාරිත්‍රයෙන් පසු මේ මස 23 උදේ 10.43 දකුණු දිශාභිමුඛවන ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන කොට ඇති සියලු විහාර දේවාලයන්හි අළුත් සහලින් පිසින ලද ප්‍රණීත මුල්තැන් බුද්ධ පූජා මංගල්‍යය සිදුකෙරේ.