Print this Article


ජනාධිපති පදවි ප්‍රාප්ති වර්ෂ පූර්ණය 8 -9 දිනවලදී

ජනාධිපති පදවි ප්‍රාප්ති වර්ෂ පූර්ණය 8 -9 දිනවලදී

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි 8 වන දා ජනාධිපති පදවියට තේරී පත් වී මේ රටේ සිදුකළ නිහඬ විප්ලවීය වෙනස හා එම පදවි ප්‍රාප්තියේ ප්‍රථම සංවත්සරය මේ මස 8 ,9 යන දෙදින චාම් ලෙස සැමරීමට රජය තීරණය කර ඇත. අඩු පිරිවැයකින් එම උත්සවය පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇත.

ඒ අනුව කළුතර බෝසමිඳු අභියස 8 වන දා පෙරවරුවේ ආගමික උත්සවයක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. පස්වරු 2.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජාතික වැඩසටහනකටද එතුමා සහභාගි වීමට නියමිතය.

8 වනදා රාත්‍රියේ කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සර්ව රාත්‍රික පිරිත් දෙසුමක් පැවැත්වේ. ජනවාරි 09 වන දා පස්වරුවේ නිදහස් චතුරස්‍රයේ දී සංස්කෘතික සංදර්ශනයකි.