UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ළමා ලොවයි සදහම් සුවයයි

ළමා ලොවයි සදහම් සුවයයි

ළමා පිටුවට නිර්මාණ

පාසල් සහ දහම් පාසල් සිසු දරුවන්ගේ ගැදි, පැදි නව නිර්මාණ, සිතුවම් ආදිය මෙන්ම දරුවන්ගේ විශේෂ දක්ෂතා ඡායාරූප සහිතවද මෙම පිටුවෙහි පළ කැරේ. පාසල් හෝ දහම් පාසල් බෞද්ධ සංගම් මඟින් එකම පාසලක හෝ දහම් පාසලක සිසු දරුවන්ගේ ළමා නිර්මාණ එක් දිනකදී වුවද එම ළමා නිර්මාණ පිටුවෙහි පළ කර ගත හැකි වේ.
ළමා ඔබේ නිර්මාණ ළමා පිටුව,
බුදුසරණ,
ලේක්හවුස්,
කොළඹ

ලිපිනයට යොමු කරන්න.


දහම් පාසලෙන් බෝසත් දරුවෙකු බිහි කරමු

දහම් පාසල යන්නෙන් අර්ථය වන්නේ ධර්මය බෙදීම බුදුදහම බුද්ධ චරිතය, ජාතක කථා තුළින් දරුවන් වෙත උතුම් ආකල්ප ගුණ දහම් සිරිත්, විරිත් පුහුණුව ඇති කිරීමයි. ධර්මය තුළින් ජීවිතයක් සකසා ගන්නා අන්දම මනාව පැහැදිලි ලෙස ඔප් නංවයි. පාලි, අභිධර්මය වැනි විෂයන් ඉගෙනීමෙන් දරුවා තම දහම් දැනුමත්, ‘නිර්වාණ’ මාර්ගයත් යන කරුණු වටහා ගනී. කුඩා දරුවා තම දහම් පාසලේ ඉගෙන ගන්නා පළමු ශ්‍රේණියේ සිට බුදුපියාණන් වහන්සේගේ ප්‍රතිමාව දෙස සිත යොමු කරයි.

නෙතගින් බලමින් එම පිළිම වහන්සේ වෙත දෑත් එකතුර කර නමදියි. මවුපිය වන්දනාව ආදරයෙන්, කරුණාවෙන් දරුවා මතකින් කරන්නේ හද බැති සිතිනි. බෝසත් දරුවා මුල සිට මෙම ක්‍රියා දියුණුූ කරමින් ඉදිරියට පා තබයි. මෙම ගුණය තම මුලු ජීවිත කාලය තුලම නොමැකෙන චර්යාවක් කර ගන්නේ ආශිර්වාද පතමිණි.

පන්සිල් පද පහ ඉතා උතුම් කොට ආරක්ෂා කර ගනිමින් තවත් කෙනෙකු වෙතද ආදර්ශ ලබාදේ. කඩනොකර උදේ සවස තෙරුවන් වඳිමින් බණ භාවනාවේ යෙදේ. මාපියන් වඳියි.

තම පියාණන් මත් වතුරෙන් වළකා හොඳ පුද්ගලයකු කරවීම බෝසත් දරුවා උතුම් කොට සලකයි. තමන්ට අයත් නොවන පැන්සල පවා සොරකම් නොකරයි. ලජ්ජා භය,උතුම්කොට රකී. තැන්පත්ව විනය ගරුකව තම දිවිය හැඩකර ගනී. ඉගෙනීමේ කටයුතු සාර්ථක ලෙස විභාගවලින් ජය ගෙන තම නිවසේ සුහදතාවය රැකගනී. අසරණ අයට පිහිට වෙයි. පරාර්ථ සේවය නිති ගරුකරයි. ජාතිය, ආගම, බසට නිති ගරු කරයි. ඉවසීමේ ගුණය මනාව ‘සංවර ඇඳුම් පි‍්‍රය වචනය, හැම විටම ගරු කරයි. පොදු දේපොලට ආදරය කරයි.

මවුපිය දෙපොල සතුටු කරමින් බෝසත් දරුවා හැමවිටම සිරිලක බැබළෙන මැණික් පහනක් වේ. කිසිවිට වැරැදි නොකරයි.අවවාද අනුශාසනා හිස මුදුනත පිළිගනී. රැකියාවක යෙදෙන උතුම් දරුවා සියල්ල මැද බැබළෙන පුන් සඳ මඬලකි. මහලුවියට පත් මවුපියන් රැක බලා ගනී. මෙම උතුම් බෝසත් දරුවාගේ ගුණ සමුදාය දහම් පාසල තුලින්ම ඔප්නැංවීම හද බැති සිතිනි. අද සමාජයේ ගුණවත් දරුවනට දහම් පාසල විශේෂ තෝතැන්නක් වේ. ‘තෙරුවන් සරණින්’ දෙව් රැකවරණින් බෝසත් දරුවන් බිහිවේවා යන්න මගේ පැතුමයි. සිරිලක ගුණදහමින් පිරුණු රටක් වීම ඒකාන්තය.


කටුපොත චන්දජෝති හිමියෝ පිරිවෙන් අධ්‍යාපනයේ ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් සමස්ත ලංකා වාර්තාවකට

මහනුවර අස්ගිරිය මහා විහාර මහා පිරිවෙනේ ධර්ම ශාස්ත්‍රය ලබන කටුපොත, චන්දජෝති හිමියන් ප්‍රාචීන මධ්‍යම 2013-14 විභාගයේ පළමුවන ස්ථානය (ඉංගී‍්‍රසි මාධ්‍ය) ලබා පිරිවෙන් අධ්‍යාපනයේ සමස්ත ලංකා විභාග වාර්තාවක් පිහිටුවා ඇත.

අස්ගිරිය මහා විහාරයේ මහ පිරිවෙනේ 2007 සිට ප්‍රාචීන අවසානය දක්වා ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලබා මහා පිරිවෙනේ පාලි සංස්කෘත විෂයන් පිළිබඳව ඉංගී‍්‍රසි අංශයෙන් ශූරතා සහතික හිමිකරගත් කටුපොත චන්දජෝති හිමි 2015 සිට මහ පිරිවෙනේ සංස්කෘත විෂය ( ඉංගී‍්‍රසි මාධ්‍යයෙන්) භාරව ඉගැන්වීමේ අධ්‍යාපන කටයුතු බාරව සිටී.

මිනිවන්ගොඩ ගනේකන්ද පුරාණ රජමහ විහාරාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නැදලගමුවේ ධම්මදින්න නාහිමිගේ සහ ශාස්ත්‍රවේදී අලුතෑපොල ගුණරතන හිමිගේ ආචාර්යත්වයෙන් පැවිදිබිමට ඇතුලත් වු චන්දජෝති හිමි පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භයේ සිට ධර්ම ශාස්ත්‍රීය දැනුම අස්ගිරිය මහා පිරිවෙනින් පරිවෙනාධිපති අස්ගිරිය මහා විහාර කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති නාරන්පනාවේ ආනන්ද නාහිමියන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රගුණ කර ගත්තේය.


මාදම්පේ ප්‍රාදේශීය බලමණ්ඩලයේ සාහිත්‍ය නිර්මාණ තරගයේ වර්ණ ප්‍රදානයක්

දැයේ දරු පරපුර සාහිත්‍යයට නැඹුරු කිරීමේ අරමුණින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය අරමුණු කරගෙන පවත්වනු ලැබු ප්‍රාදේශීය සාහිත්‍ය තරඟාවලිය මාදම්පේ ප්‍රාදේශීය බලමණ්ඩලය, මාදම්පේ කලායතනය එක්ව ප්‍රදේශයේ පාසල් දරුවන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබු සාහිත්‍ය නිර්මාණ තරගාවලියේ් වර්ණ ප්‍රදානය පසුගියදා හලා / කරුක්කුව සුගතානන්ද මධ්‍ය විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.

සාහිත්‍ය තරඟාවලියේ දී ලිඛිත හා වාචික අංශ තුළින් ජයග්‍රහණය ලැබූ පාසල් හා විවෘත අංශ නියෝජනය කළ තරඟකරුවන්ට ජයග්‍රහණය වෙනුවෙන් වටිනා ත්‍යාග සහ කුසලතා සහතික හිමිවූ අතර විද්‍යාලීය දරුවන්ගේ මෙන්ම කලායතන සිසුවියන්ගේ නර්තනාංගයන්ද එදින එළිදැක්වුණි.


දෙවියන් වේය

මිනිසකු ලෙස ඉපිද මරණෙට යනතෙක්ම
වැදගත් කාරියකි යහපත් දේ දැක්ම
නිසි ලෙස ඉටු කළොත් පන්සිල් පද රැක්ම
දෙවියන් වේය මේ ලොව සැම මිනිසෙක් ම

සිත, කය, වචන තිදොරම සංවර වීම
අත්කර දෙනු ලබයි සැමටම සැන සීම
වැඩදායක අප කාටත් ඉව සීම
හුරුවෙමු සැවොම ලද දේ ගෙන තුටු වීම


අංගුලිමාල දමනය


සිසු නායක පදවි පිරිනැමේ


ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක – නායිකාවන් ශිෂ්‍ය නායක ප්‍රතිඥාව දෙමින්

අභිසෙස් ලැබු කනිෂ්ඨ ශිෂ්‍ය නායක – නායිකාවන් ශිෂ්‍ය නායක ප්‍රතිඥාව දෙමින්.

සිසු පදවි පිරිනැමීමේ උළෙලේදී අභිසෙස් ලැබූ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයින් (වමේ) උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාවන් (දකුණේ) ප්‍රධාන ශිෂ්‍යනායක නායිකා (මැද) වෙති.

හලාවත අධ්‍යාපන කලාපයේ ප්‍රමුඛ පෙළේ පාසලක් වන හලා/ මාදම්පේ සේනානායක ජාතික පාසලේ 2015-2016 වර්ෂ සඳහා නව ශිෂ්‍ය නායක – නායිකා පදවි පිරිනැමීමේ උළෙල පසුගියදා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. විද්‍යාලීය විදුහල්පති එච්.එම්. නිමල් දයාසිරි මහතා ප්‍රධාන නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ මඟ පෙන්වීමෙන් හා ආදි ශිෂ්‍ය සංගමය ප්‍රධාන අනෙකුත් සිසු සිසුවියන්ගේ නොමද සහාය ද ඊට එක්විණ.

 

 

 

 

 

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය ජනවාරි 01 වන දා සිකුරාදා අපරභාග 09.38 ට ලබයි. 03 වන දා ඉරිදා පූර්ව භාග 00.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 02 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජනවාරි 09 වනදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]