Print this Article


බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 


පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථ ධාතු වන්දනාවට ජනපති එක්වෙයි

පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථ වාර්ෂික මහ පෙරහර මංගල්‍යයට සමගාමීව පැවැත් වූ ධාතු ප්‍රදර්ශනය සහ පින්කම් මාලාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉකුත් දා (25) සහභාගී විය. එහිදී ජනාධිපතිතුමා විසින් ධාතුන් වහන්සේලා වෙනුවෙන් පුෂ්පෝපහාර පැවැත්වූ අයුරු. පොතුපිටියේ පඤ්ඤාසේකර නාහිමියන් සහ විහාරාධිපති බෝපිටියේ ධම්මිස්සර හිමියන් ඇතුළු මහා සංඝරත්නය ජනාධිපතිතුමා සමඟ පින්කම් අවස්ථාවට සහභාගී විය.
(ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය)

වාද්දුව මාවල ශ්‍රී සුවිශුද්ධාරාමාධිපති ත්‍රිපිටකවේදී පෝරේගෙදර සුමනවංශ හිමියන් වෙත මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වය මඟින් කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය සහිත පරිත්තභාණක ධර්ම කීර්ති ශ්‍රී අරියවංශ ගෞරව නාමය පිරිනැමීම නිමිත්තෙන් අභිනව නාහිමියන් පිළිගැනීමේ උත්සවයක් වාද්දුව මාවල ශ්‍රී සුවිශුද්ධාරාමයේ පැවැත්විණි.

දරුවන් හා ගිහි පින්වතුන් 35 දෙනෙකු තාවකාලික සසුන්ගත කිරීමේ පින්කමක් උඳුවප් පෝදා කොළඹ හුණුපිටිය ගංගාරාමස්ථ සීමාමාලකයේ දී කොටුගොඩ ධම්මාවාස අනු නාහිමියන් සහ වෙහෙරහැර ආරණ්‍ය සේනාසනාධිපති නාගොඩ සද්ධාලෝක නාහිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි. එහිදී සසුන් ගතවීම සඳහා ගිහි පින්වතුන් සීමාමාලකය වෙත පැමිණි අවස්ථාව. ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

කොළඹ මහ රෝහලේදී කැලණියේ අත්ථදස්සී හිමියන්ගේ මූලිකත්වයෙන් වාට්ටුවක් ප්‍රතිසංස්කරණය සහිත පින්කමක් ද සිදු කැරිණි. එම අවස්ථාවට කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් ද එක්වූහ.