Print this Article


ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගුණ සමරුව 1, 2 දිනවලදී

ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගුණ සමරුව 1, 2 දිනවලදී

කළුතර බෝධිභාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ 37 වන ගුණ සමරුව නිමිත්තෙන් 2016 ජනවාරි මස 01 වෙනි දින හා 02 වෙනි දින පින්කම් මාලාවක් කළුතර බෝධි පරිශ්‍රය තුළ දී පැවැත්වේ. 2016 ජනවාරි මස 01 වෙනි දින පෙරවරු 6.30 ට කිරිපිඬු පූජාව ද (උඩමළුවේ බෝධිරාජයාණන් අභියසදී) 01 වෙනි දින සර්වරාත්‍රික පිරිත් දේශණය ද, 02 වෙනි දින හීල් දානය ද පැවැත්වේ. 02 වෙනි දින බෝධි පරිශ්‍රය තුළ පිහිටි ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ පිළිරුව අභියස පුෂ්පෝපහාර දැක්වීම, පෙරවරු 9.00 මෙයට සමගාමීව බලපිටිය, නගරසභා පිටියේ ස්ථාපිත කොට ඇති ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා පින් පැමිණවීමද සිදු කෙරේ.