ගල්වෙහෙර කොත්දූව රජමහා විහාරය
			
			 
			අහුන්ගල්ල ගල්වෙහෙර මාදු නදිය මැද පිහිටි කොත්දූව පුරාණ රාජමහා විහාරයේ 
			අභිනවයෙන් ඉඳි වූ සැතපෙත තිවංක බුද්ධ ප්‍රතිමාවේ ධාතුන් වහන්සේ තැම්පත් 
			කිරීමත් රන්පත් ඉරු නිධන් කිරීමත්, බෝධින් වහන්සේ වටා ඉදිකළ රන් වැට 
			විවෘත කිරීමත් යන පින්කම් මේ මස 24 වැනිදා පෙරවරුවේදී සිදුකෙරේ. 
			අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ අනුනායක කොස්ගොඩ සිරි සුභූති 
			නාහිමියන්ගේ සහ මාලේවන සෝභිත නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම පින්කම 
			සිදුකෙරෙන බව ඕමන්තේ පුඤ්ඤාසාර මාහිමියන් දන්වා සිටියි.  |