| 
						 
						  
						   | 
					
					
						| 
						 කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 
						අභිනවයෙන් ඉදිකළ බුද්ධ ප්‍රතිමා මන්දිරය විවෘත කිරීමට 
						පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විහාරාධිපති ගල්බොඩ 
						ඤාණිස්සර නාහිමියන් විසින් කැඳවාගෙන ගිය අයුරු ඉහළ 
						සේයාරුවෙන්ද ආරාධිත පිරිස බුද්ධ වන්දනාව සිදුකළ අවස්ථාවද 
						මෙහි දැක්වේ. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද, හිටපු 
						ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඇතුළු විශාල පිරිසක් ඊට 
						සහභාගි විය. ඡායාරූප – සුදත් විමලවීර  | 
					
					
						| 
						 
						   | 
					
					
						| 
						  එස්. කේ. ජනක චමෝද් ප්‍රනාන්දු 
						කුමරු ජිනාලංකාර හිමි නමින්ද, ඩබ්ලිව් ජී. විදුශ මිතුන් 
						කුමරු ගුණාලංකාර හිමි නමින්ද පසුගියදා පාදුක්ක බෝපේ 
						සියඹලාව සිරි ගයා විහාරස්ථානයේදී ඇහැළපේ විජිතාලංකාර 
						හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවිදි දිවියට ඇතුළත් වූ අවස්ථාව.  | 
					
					
						| 
						 
						   | 
					
					
						| 
						 තෙල්දෙණිය, මඩපොල ශ්‍රී බෝමළුව 
						අභිනවාරාම මෙහෙණි ආරාමය වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ශ්‍රී 
						සංඝමිත්තා මහා පෙරහර මෙවරත් හදුන්ගමුවේ සුජීවා මෙහෙණින් 
						වහන්සේ විසින් සංවිධානය කර තිබූණි. ශ්‍රී සංඝමිත්තා 
						තෙරණින් වහන්සේගේ ප්‍රතිමාව රැගත් පෙරහර වීදි සංචාරය කළ 
						අතර, එම පෙරහර වීදි සංචාරයට පෙර උත්සව සභාව පැවැති 
						අවස්ථාව. කරල්ලියද්ද සමූහ  | 
					
					
						
						  | 
					
					
						| 
						  ජී. මයිකල් 
						ප්‍රනාන්දු මහතාගේ මුල්‍ය දායකත්වයෙන් සාදන ලද කිඹුලාපිටිය 
						දමින්නගහවත්ත ශ්‍රී සූර්ය ඩේසිකාරාමයේ කඨින පින්කම මෙවර ද 
						සිදු කරන ලදී. එහි දායකත්වය මිල්රෝයි ප්‍රනාන්දු මහතා දැරූ 
						අතර විහාරාධිපති කටුකෙන්දේ විජිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් 
						හා දායක සභාවේ සහභාගිත්වයෙන් කඨින චීවරය රැගත් පෙරහර 
						මිල්රෝයි මහතාගේ නිවසෙන් පිටත්විය. විහාරාධිපති හිමියන් 
						කඨික චීවරය මිල්රෝයි මහතාගේ හිස මත තබා ආශිර්වාද කරන අයුරු 
						හා ඒ මහතාගේ බිරිඳ නිසංසලා මහත්මිය ද මෙහි වෙති.  |