ගංගාගිරි විහාරයේ සත්වරු පිරිත් පින්කම
			
			 
			පිටබැද්දර ගොරකවෙල ශ්‍රී ගංගාගිරි විහාරස්ථානයේ වාර්ෂික සත්වරුවේ 
			පිරිත් දේශනාවක් ඇතුලු පින්කම් මාලාවක් සෑම වර්ෂයකම දෙසැම්බර් මාසයේදී 
			පැවැත්වේ. මෙම වර්ෂයේදීත් සැමට සෙත් පතා මේ මස 24 වැනිදා සිට 28 වැනිදා 
			දක්වා පින්කම පැවැත්වේ. 24 වැනිදා රාත්‍රී 10.00 පිරිත් දේශනාව ආරම්භවන 
			අතර 27 වැනිදා සවස 3.00ට දේවදූත පෙරහර පැවැත්වේ. රාත්‍රි 10.00 දොරකඩ 
			අස්න කියවීම හා අනුශාසනා දේශනාව පැවැත්වේ. 28 දවල් ශතාධික මහා සාංඝික 
			දානයක් ද පිරිනැමීමට කටයුතු යොදා ඇත. රාත්‍රී 7.00 අටවිසි බුද්ධ 
			පූජාවක්ද පැවැත්වේ.  |