රද්දොළුව අභිනවාරාමයේ 
			ලේ දන්දීමේ පින්කමක්
			
			 
			සීදුව රද්දොළුව අභිනවාරාම විහාරස්ථානයේ මෙහෙයවීමෙන් 33 වෙනි වරටත් 
			පවත්වන ලේ දන්දීම, දේශීය හා බටහිර වෛද්‍ය සායන කඳවුර දෙසැම්බර් 20 ඉරු 
			දින පෙරවරු 8.00 සිට විහාරස්ථානයේ දී පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදි සිදුවේ 
			සුමනවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. මෙම සමාජ සත්කාරක සේවා 
			සඳහා සර්වාංග රෝග දේශීය හා බටහිර වෛද්‍ය සායන, ආහාර උපදේශන සේවා, 
			දියවැඩියා රුධිර පරීක්ෂණ, ඊ.සී.ජී. ළමා හා කාන්තා රෝග, අක්ෂි හා දන්ත 
			සායන, ආබාධිත අය සඳහා සඳහා රෝද පුටු, කිහිලිකරු, අත්වාරු, ට්‍රයිසිකල්, 
			ඇස් කණ්නාඩි ලබාදීම සියලු වෛද්‍ය ප්‍රතිකාර පරීක්ෂණ බෙහෙත් නොමිලේ 
			ලබාදීමට සංවිධානය කර ඇත.  
			
			මෙදින පෙරවරු 8.30 ට පැවැත්වෙන සමාජ සත්කාරක 
			සේවා සමාරම්භක අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමැතිවරු ත්‍රිවිධ හමුදා, 
			පොලිස්. සිවිල් ආරක්ෂ නිලධාරීන් ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන නිලධාරීන් 
			සහභාගි වීමට නියමිතය සංවිධාන හා අනුග්‍රාහක දායකත්ව ආරක්ෂක 
			අමාත්‍යාංශය, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ජනමාධ්‍ය 
			අමාත්‍යාංශය, සමාජ සවිබලගැන්වීම හා සුබසාධන අමාත්‍යාංශය, නගර සැලසුම් 
			හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව, බස්නාහිර 
			පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ මධ්‍යම ලේ බැංකුව, කටාන ප්‍රාදේශීය 
			ලේකම් කාර්යාලය, සීදුව/ රද්දොළුගම පොලිස් ස්ථාන ශ්‍රී ලංකා යුද හමුදා 2 
			වන සේවා කඳවුර කටුනායක, සිවිල් ආරක්ෂක දෙපාරත්තමේන්තුව, බ/උ කටුනායක 
			කඳවුර, ගම්පහ දිසා සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සීදුව සෞඛ්‍ය වෛද්‍ය 
			නිලදාරී කාර්යාලය, රද්දොළුගම බෞද්ධ මහා සංගමය, විහාරස්ථ එක්සත් තරුණ 
			බෞද්ධ සමිතිය, විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසල ඇතුළු ප්‍රදේශයේ 
			ස්වේච්ඡා සංවිධාන මගින් ලබා දී ඇත.   |