Print this Article


මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී ත්‍රිපිටක සජ්ඣායනාවක්

මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී ත්‍රිපිටක සජ්ඣායනාවක්

සමස්ත ලෝකවාසී ජනතාවට සෙත්පතා ත්‍රිපිටක සජ්ඣායනා පින්කමක් මල්වතු අස්ගිරි මහා විහාර පාර්ශ්ව මහ සංඝරත්නයේ සහභාගිත්වයෙන් මහනුවර ශී‍්‍ර දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී මේ මස 18,19 හා 20 යන තෙදින තුළ පැවැත්වෙයි.

මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අවවාද හා අනුශාසනා පරිදි ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ගේ හා ජාත්‍යන්තර ත්‍රිපිටක සජ්ඣායනා සංවිධාන කමිටුවේ මෙහෙයවීමෙන් මෙම පින්කම පැවැත්වෙන අතර ඊට මල්වතු අස්ගිරි මහා විහාර දෙපාර්ශ්වයේ මහා සංඝරත්නය සියක් නමක් වැඩම කරවීමට නියමිතය.

ඇමරිකාවේ බුද්ධ ධර්මාලෝක පදනමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම ජාත්‍යන්තර ත්‍රිපිටක සජ්ඣායනා පුණ්‍යයෝත්සවය මෙවර සංවිධානය කෙරෙනුයේ සිව්වණ වරටය.