Print this Article


කොළඹ ගංගාරාමයේ දී සෙත් සලසන ව්‍යාපෘතියක්

කොළඹ ගංගාරාමයේ දී සෙත් සලසන ව්‍යාපෘතියක්

කොළඹ 02, ගංගාරාමය දෙසැම්බර් මස හා 2016 ජනවාරි මස උත්සව සාද, සංග්‍රහ පැවැත්වීම හැකිතාක් සීමා කරමින් පීඩනයට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග සඳහා සිය දායකත්වය ලබාදෙන ලෙසට ඉල්ලීමක් කරයි.

එම පරිත්‍යාගයන් ද්‍රව්‍යමය වශයෙන් හෝ මූල්‍යමය ලෙස 61, ශ්‍රී ජිනරතන පාර, කොළඹ 02 ලිපිනයට ලබා දෙන ලෙසත් වැඩි විස්තර සඳහා දුරකථන අංක 011 2435669, 011 – 2327084, ෆැක්ස් 2439508, ඊ මේල් gt@ gangaramaya.com වශයෙන් ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ වෙත ලබාදෙන ලෙස ඉල්ලීමක් කරයි.

මේ මස 14 වැනි දින සවස 6 ට අවුරුදු 16 න් පහළ සාමණේර භික්ෂූන්ගේ අධ්‍යාපනය සඳහා ආධාර පිරිනැමීම සිදුකිරීමට නියමිතව තිබිණි. මේ මස 11, 12, 13 දිනවල දේශීය නිෂ්පාදකයන්ගේ ප්‍රදර්ශනය කොළඹ, 2, බේරේ වැව අයිනේ, ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලීය පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතව තිබිණි.

මේ මස 31 වැනිදා රාත්‍රිය මුළුල්ලේ සහ ජනවාරි 01 වැනි දා සැමට සෙත් පතා පින්කම ගංගාරාමයේ, අකුරැස්ස ඌරුමුත්ත ගමේ රජ්ජු බණ්ඩාර දේවාලයේ හා කතරගම ගංගාරාම විශ්‍රාමශාලා පරිශ්‍රයේදී සිදු කෙරේ.