Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 


කරන්දෙණිය කොටවෙල ශ්‍රී සදහම් විවේක සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ සත් බුදුරජ ශ්‍රී සදහම් සෑයෙහි කොත්වහන්සේ නිරාවරණය කිරීමේ මහා පූජෝත්සවය පසුගිය දා එම විහාරස්ථ පරිශ්‍රයේ දී මදුරාවල ධම්මානන්ද හිමියන්ගේ මෙහෙය වීමෙන් සිදුවිණි. ගම්වාසී ජනතාවගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවුනු එම සත් බුදුරජ ශ්‍රී සදහම් සෑයෙහි කොත නිරාවරණය කිරීමේ පින්කම සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාය. අමාත්‍යවරයා විසින් ගම්වාසීන්ගේ සහභාගීත්වය ඇතිව කොත්වහන්සේ නිරාවරණය කිරීමේ පින්කම සිදු කරන ලදි.එම පූජෝත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත ජයවීර, පළාත්සභා මන්ත්‍රී අශෝක ධනවංශ, ජාතික රූපවාහිනියේ නීති උපදේශක නුවන් සොමිරත්න මහත්වරු ඇතුළු පිරිසක් ඊට එක් වූහ.

මහනුවර ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන සිව් දේවාලයන්හි ඇසළ පෙරහර මංගල්‍යයේ සුවිශේෂ තැනක් ගනු ලබන අස්ගිරිය මහා විහාරයීය ඓතිහාසික ගෙඩිගේ විහාරයේ (දළදා ගමන් මාළිගාව) ඓතිහාසික බෝධීන් වහන්සේ වටා රන්වැටක් ඉදිකර පූජා කිරීමේ පුණ්‍යොත්සවය පසුගියදා පැවැත්විණි. ශි‍්‍රයානි වාසලගේ මහත්මිය ප්‍රධාන පවුලේ ඥාතීන්ගේ ධන පරිත්‍යාගයෙන් එම රන්වැට නිම කෙරුණි. ගෙඩිගේ රාජමහ විහාරාධිකාරී පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති වේඩරුවේ උපාලි නාහිමියෝද සේයාරුවේ වෙති. කේ. බණ්ඩාරනායක

රුවන්වැලි මහ සෑ රජුන්ට චීවර පූජාවක්

හැඟව පුරාණ විහාරාධිපති මාරස්සන මහින්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඇසළ පසළොස්වක පොහෝ දින හැඟව පුරාණ විහාරස්ථ දායක සභාවේ සාමාජික සාමාජිකාවෝ ජය ශ්‍රී මහා බෝරදුන් අභියසින් රුවන්මැලි මහ සෑ රජුන්ට චීවරයක් පූජා කිරීමට චීවරය පෙරහරින් වැඩම කළ අයුරු.

වලස්මුල්ල හොරේවෙල ‘සුරය’ සුබසාධක සංගමයේ අනුග්‍රහයෙන් පහ වසර ශිෂ්‍යත්වය යටතේ සිසු දරු දැරියන්ට හා එම ග්‍රාම නිලධාරී වසම තුළ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් සඳහා නොමිලයේ පොත් පරිත්‍යාග කිරීම හොරේවෙල ශී‍්‍ර තපෝධනාරාම විහාරස්ථානයේදී සිදු කරන ලදී. එහිදී විහාරස්ථානයේ ඉගෙනුම ලබන පුල්ලෙමැලන ආනන්ද හිමියන් වෙත එච්. සුගත් මහතා විසින් පොත් කට්ටලයක් ප්‍රදානය කළ අවස්ථාව.
එච්.අමරසේකර වලස්මුල්ල සමූහ