Print this Article


නොමිලයේ පැවැත්වෙන දහම් වැඩසටහන්

නොමිලයේ පැවැත්වෙන දහම් වැඩසටහන්

වැඩිහිටි අධ්‍යාපනය ක්‍රමය අනුව, ධර්මඥානය දියුණුකර ගැනීමට සහ මානසික ගැටලු විසඳා ගැනීමට කැමති 18ට වැඩි වැඩිහිටි අයට, සූත්‍රපාඨ ඇසුරින් බුද්ධ ධර්මය, භාවනා බෞද්ධ හා මනෝවිද්‍යා උපදේශනය, සහ අභිධර්මය ඉරිදා 2.30 – 4.30 දක්වා පැවැත්වේ. පොත්, මුද්‍රිත පාඩම්, ශ්‍රව්‍ය/ දෘෂ්‍ය මාධ්‍ය භාවිත කෙරෙන අතර පාඨමාලාව අවසානයේ සහතිකයක් පිරිනැමේ. තවද මානසික ගැටලුවලින් මිදීමට හා පාලනය කර ගැනීම සඳහා බෞද්ධ හා මනෝවිද්‍යාත්මක විශේෂ භාවනා වැඩසටහන සෙනසුරාදා 3.30 ට පැවැත්වේ. මුලසිට ඉගැන්වෙන පාලි භාෂාව පන්ති සෙනසුරාදා 1.30 ට පැවැත්වේ. මෙම සියලු සේවා නොමිලයේ ලබා ගැනීමට හැකි බව කියයි. ආරම්භය ජනවාරි, සිරිවර්ධනාරාම බුද්ධ ධර්ම විද්‍යාලය, පන්සල පටුමඟ, කොල්ලුපිටිය. (බම්බලපිටිය හංදිය අසල)