Print this Article


නව වසරට සෙත් පතා පවත්වන රතන සූත්‍ර දේශනාව

නව වසරට සෙත් පතා පවත්වන රතන සූත්‍ර දේශනාව

කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ‘ශාන්ති පදනමේ’ අනුශාසක කොටපොල අමරකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදි සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ආශීර්වාද ප්‍රාර්ථනය කරමින් දෙසැම්බර් මස 23 දින සිට එළඹෙන 2016 වසරේ ජනවාරි 01 වන දින අලුයම දක්වා නොකඩවා දින 09 ක් තුළ දොළොස්වන වරටත් රතන සූත්‍ර දේශනා පින්කම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පිරිත් පින්කම පැවැත්වෙන සෑම දිනකම රාත්‍රී 7.00 ට, විශේෂ බුද්ධ පූජා පින්කමද පැවැත්වේ. එම පින්කමේ දී පිරිත් කර ගැනීමට අවශ්‍ය ඖෂධ වර්ග, තැඹිලි තෙල්, නූල් පැන්, බුදුගුණ යන්ත්‍ර හා වෙනත් ද්‍රව්‍ය වර්ග දෙසැම්බර් 20 වන දින සිට දෙසැම්බර් මස 22 වන දින දක්වා භාර දිය හැක.

2013 ජනවාරි 01 වන දින උදේ 6.00 ට විශේෂ ආශිර්වාද පූජාවක් සහ සෙත් පිරිත් දේශනාවක් පවත්වා සමස්ත රටවාසී ජනතාවට මෙන්ම රජයටත් සෙත් පැතීමෙන් අනතුරුව පින්කම නිමාවට පත්වේ.