Print this Article


පේරාදෙණිය සරසවියේ පාලි සම්මන්ත්‍රණයෙන්...

පේරාදෙණිය සරසවියේ පාලි සම්මන්ත්‍රණයෙන්...

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය මඟින් සංවිධානය කළ ප්‍රථම එක් දින පාලි සම්මන්ත්‍රණය එම විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැත්විණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා එහිදි විශේෂ දේශනයක් පැවැත්වීය.

සම්මන්ත්‍රණයේ විශේෂ ආරාධිත දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා විසින් පැවැත් වූ අතර මුලසුන හෙබවූයේ සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිත සිරි අනුනාහිමියන් විසිනි. පර්යේෂණ සැසිවලදී ධර්මාර්ථ විවරණය පාලි ග්‍රන්ථ සංස්කරණය හා පරිවර්තනය පාලි භාෂාවේ රමණීයත්වය හා පාලි අධ්‍යයන අභියෝග යන තේමාව ඔස්සේ රටවල් රැසකින් සහභාගී වූ ගිහි පැවිදි විද්වතුන්ගේ පර්යේෂණ වාර්තා එළිදැක්විණි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, මියන්මාරය, තායිලන්තය, වියට්නාමය, ඇතුළු රටවල් ගණනාවක් ඒ සඳහා එක්වුණු අතර පාලි හා බෞද්ධ අධ්‍යයන අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බමුණුගම සාන්තවිමල, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි යන හිමිවරුන්ද ශාස්ත්‍ර පීඨාධිපති ආචාර්ය ඕ.ජී. දයාරත්න මහතා ප්‍රමුඛ තවත් කීපදෙනෙකුම අදහස් දැක් වූහ. සම්මන්ත්‍රණය මෙහෙයවීම මහාචාර්ය මුවඇටගම ඥානානන්ද හිමි, කරගස්වැවේ වජිර හිමි සහ කලුගහකොලේ සුමනසාර හිමියන් විසින් සිදු කළහ.