Print this Article


අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමි සැමරේ

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමි සැමරේ

මහරගම සමාධි වන්දනා පදනම මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ට පින් අනුමෝදන් කිරීම සඳහා පැවැත්වෙන පුණ්‍යෙීත්සවය මේ මස 05 – 06 දිනයන්හි අනුරාධපුර පූජා භූමිය කේන්ද්‍රකරගෙන පැවැත්වේ.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ ආශීර්වාද මත මෙම පුණ්‍යෙීත්සවය, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී සහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියසදී ද පැවැත්වෙන අතර දානමය කටයුතු ශ්‍රී සාරානන්ද විහාරස්ථ ශාලාවේ දී පැවැත්වේ. දෙසැම්බර් 05 වන දින පස්වරු 4.00 සිට රාත්‍රී 10.00 දක්වා තෙල් මල් පහන් ගිලන්පස ඇතුළු බුද්ධ පූජා, සුවඳ දුම් පූජා සහ ධර්මානුශාසනා සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියසදී පැවැත්වේ.

පසුදින (06) කිරිපිඬු පූජාව රැගත් පෙරහර ශ්‍රී සාරානන්ද පිරිවෙන් ස්ථානයෙන් ආරම්භ වී මහ බෝ සමිඳුන් වෙතට ගමන්කර කිරිපිඬු පූජාව හා බුද්ධ වන්දනාව පවත්වනු ඇත. අනතුරුව භික්ෂු භික්ෂුණී පන්සියයක් වෙනුවෙන් හීල් දානය සහ දවල් දානය පිළිගැන්වීම ශ්‍රී සාරානන්ද විහාරස්ථ ශාලාවේ දී සිදු කරනු ඇත. මෙයට අමතර පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂූන් වහන්සේලා සියයක හා බෞද්ධ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට මෙම සමාධි බුද්ධවන්දනා වැඩසටහනට ශිෂ්‍යාධාර ලබා දීමද සිදු කෙරේ. දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් මෙම පින්කමට ගිහි පැවිදි පිරිස් පැමිණෙන බව සමාධි වන්දනා පදනම දන්වා සිටී.