කඨින පින්කම්
			හිඟුරආර ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ
			කඨින පින්කම
			
			ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඇඹිලිපිටිය ශ්‍රී 
			බෝධිරාජ ධර්මයතනයේ කඨින පින්කම මේ මස 14, 15 දෙදින පැවැත්වේ. 14 වැනිදා 
			සර්ව රාත්‍රි පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසුදින දවල් සංඝගත 
			දක්ෂිණාවකි. කුළ දරුවන් තිදෙනෙකු පැවිදි කිරීමද මෙදින සිදුවේ. 
 
			 
			 
			ගල්පාය ශ්‍රී නගේන්දාරාමය 
			
			 
			ගල්පාය අළුගොල්ල ශ්‍රී නගේන්දාරාම පුරාණ විහාරයේ කඨින පින්කම හා 
			කප්රුක් පූජාව මේ මස 20 – 21 දෙදින දී විහාරාධිපති අටභාගේ ධම්මාරාම නා 
			හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරවාසී ධම්මතිලක හිමියන්ගේ මෙහෙයවීමෙන් 
			දායක සභාවේ සංවිධායකත්වයෙන් පැවැත්වේ. 20 වැනි දා විශේෂ බෝධි පූජාවක් ද 
			21 දවල් සංඝගත දක්ෂිණාවකින් පින්කම අවසන් වේ.    
			 
			 
			මෝදර ශ්‍රී බෝධිසමුද්‍රාරාමය 
			
			ශාස්ත්‍රපති තුඹේ උපනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කොළඹ 15, මෝදර ශ්‍රී 
			බෝධිසමුද්‍රාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පින්කම සහ 
			විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ මාපලානේ ආනන්ද නාහිමියන්ගේ තෙවර්ෂ 
			පුර්ණ ගුණ සමරු පින්කම මේ මස 14, 15 දින පැවැත්වේ. 14 දින පස්වරු 6.30ට 
			ගිලන්පස බුද්ධ පූජාව සහ රාතී‍්‍ර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම 
			දේශනාවද, 15 වැනිදා උදේ කොළඹ 15, හි පදිංචි සුගත් නිරෝෂණ මහතාගේ නිවසේ 
			සිට කිරිපිඬු බුද්ධ පුජාව සහ කඨින චීවරය සහිත පෙරහර ආරම්භ වේ. එදිනම 
			උදේ කඨින චීවරය සඟසතු කර පූජා කිරීමද, සවස කඨිණානිසංස ධර්ම දේශනාවද 
			පැවැත්වේ. 
 
			 
			 
			 
			අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍ය සේනාසනය 
			
			 
			අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍යය සේනාසනයේ කඨින පින්කම මේ මස 22 වන දා උදේ 
			9.00 ට කම්මට්ඨානාචාර්ය කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන් 
			පැවැත්වේ.    
			 
			ගැටඹේ ශ්‍රී සුධර්මාරාමය 
			
			 
			ගැටඹේ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ කඨින පින්කම මේ මස 18, 19 
			දෙදින තුළ පැවැත්වීමට අස්ගිරිපාර්ශ්වයේ කාරක සභික මහෝපාධ්‍ය ගොමගොඩ 
			රතනසාර මාහිමිගේ අනුශාසනා පරිදි කටයුතු යොදා ඇත. 18 දින රාත්‍රී 7 සිට 
			8 දක්වා ධර්මදේශනාවක් පවත්වා පසුදින දවල් මහා සංඝයා වහන්සේ උදෙසා දානය 
			පිරිනැමීම සහ කඨින සිවුරු පූජා කිරීමද සිදු කෙරේ. මෙවර දායකත්වය 
			හේමචන්ද්‍ර සහ සමාගමේ අධිපතිතුමිය විසිනි.    
			 
			දෙහිවල නව පොළොන්නරු ගල්විහාරය
			
			දෙහිවල නව පොළොන්නරු ගල්විහාරයේ 72 වැනි කඨින මහ පින්කම සහ 
			විහාරාධිපතිව වැඩ විසූ කථිකාචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මශෝක 
			නාහිමියන් අපවත් වී තෙවරසක් පිරීම නිමිත්තෙන් සත්තෑනමක් විෂයෙහි 
			පවත්වනු ලබන මහා සාංඝික දානමය පින්කම විහාරාධිපති ශාස්ත්‍රවේදී 
			හැව්ඕවිට ගුණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 21 හා 22 දෙදින තුළ 
			සිදු කෙරේ. 21 වැනිදා සවස 5.00 දෙවැනිමළුවේ ඓතිහාසික බෝධිරාජයාණන් 
			වහන්සේ වටා රන්වැට විවෘත කිරීමද, 7.30 ට විශේෂ ධර්ම දේශනාව බොරුල්ලේ 
			කෝවිද හිමියන් විසින් පැවැත්වීමද, 22 දා අලුයම කඨින වස්ත්‍ර පෙරහර සිංහ 
			විජේසේකර මහතා හා දිස්නා සෙව්වන්දි මහත්මියගේ මූලිකත්වයෙන් පැවැත්වීමද 
			සිදුවේ. එදින සවස 7.30 කඨිනානිසංස ධර්ම දේශනාව ලේනව මංගල හිමියන් 
			විසින් පැවැත්වේ.  
			දැල්තර ශ්‍රී සුමනාරාමයේ 
			කඨින පින්කම
			
			දැල්තර ශ්‍රී සුමනාරාමයේ කඨින පින්කම මේ මස 19 දක්වා රාත්‍රි 7 සිට 8 
			දක්වා ධර්ම දේශනා පැවැත්වේ. 18 වැනිදා සර්වරාත්‍රික පිරිත් දේශනය 
			පැවැත්වෙන අතර පසුදා අලුයම කඨින චීවරය රැගත් පෙරහර දැල්තර ඒ ධම්මිකා 
			කුලරත්න මහත්මියගේ නිවසින් පිටත්වේ. දැල්තර ඤාණසිරි හිමියන්ගේ මඟ 
			පෙන්වීම යටතේ එම පින්කම් සිදුකෙරේ. වල්පොල ගෝතම හිමියන් විසින් එදින 
			කඨිනානිසංස ධර්ම දේශනය පවත්වනු ලැබේ. 
			   |