Print this Article


තෙලවල විජයරූපාරාම ධර්මායතනයේ කඨින සහ පැවිදි පින්කම්

තෙලවල විජයරූපාරාම ධර්මායතනයේ කඨින සහ පැවිදි පින්කම්

මොරටුව කටුබැද්ද තෙලවල විජයරූපාරාමාධිපති දම්පහළ ඤාණරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් කඨින පින්කම 13 සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. 20 වැනිදා සර්වරාත්‍රික පිරිත් දේශනයද, 21 දා කඨින පෙරහද, එදිනම උදේ දරුවන් තිදෙනෙකු පැවිදි කිරීම, දවල් කඨින චීවර පූජාව සහ සඟසතු දානයද පැවැත්වෙයි. එදිනම රාත්‍රී 7 ට කඨිනානිසංස ධර්ම දේශනාව දම්පහළ රාහුල හිමියන් විසිනි. මෙම පින්කමේ දායකත්වය සුජීවා බෙන්තරගේ සහ අසංකා අමරබන්ධු, මහත්මීන් විසින් දරනු ලබයි.