Print this Article


කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් පැවැත්වූ දීපව්‍යාප්ත වැඩසටහනක්

කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් පැවැත්වූ දීපව්‍යාප්ත වැඩසටහනක්

කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් බුදුසසුන සුරැකීමේ අරමුණ පෙරදැරි කරගෙන ආරම්භ කළ දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහන් පසුගිය මස 31 වැනිදා දවසපුරා වැඩසටහන්ද, දහම් පාසල් ශිෂ්‍ය නායකයින් වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහනක් හා දෙමව්පියන් වෙනුවෙන් බෞද්ධ පරිසරයක් තුළ තම දරුවන් සමඟ ජීවත්වන ආකාරය පිළිබඳව ද වෙන වෙනම වැඩසටහන් තුනක් හා එයට අමතරව වැඩිහිටියන් 150 දෙනෙකු සඳහා සෞඛ්‍ය කඳවුරක්ද තණමල්විල රෝහලට රෝද පුටු දෙකක්ද පරිත්‍යාග කිරීම සිදු කරන ලදී. මෙම වැඩසටහන් හතරම සඳහා 450 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි විය.

තණමල්විල ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති කෝප්පකන්දේ සුමනතිස්ස හිමි, ලේඛකාධිකාරි හොරහැල සද්ධාතිස්ස හිමි ඇතුළු ස්වාමින් වහන්සේ කිහිපනමක් වැඩම කරවන ලද අතර කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති සුමේධ අරමසිංහ මහතා ඇතුළු කෘත්‍යවිධායක මණ්ඩල සභික මහත්වරුන් තණමල්විල වැඩබලන ප්‍රාදේශීය ලේකම් දයානන්ද රත්නායක මහතා අඟුණකොළවැව තරුණ බෞද්ධ සංගමයේ සභාපති ඩබ්.එම්. සුදන්ත යන මහත්වරුන්ගේ සහභාගිත්වයද යටතේ වැඩමුළුවේ කටයුතු සිදු කෙරිණි.