Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 


දරුවන් පණ මෙන් සුරකිමු ජාතික වැඩසටහනේ පා ගමන, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 25 වැනිදා පෙරවරුවේදී ආරම්භ විය. දැයේ දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව විසින් මෙය සංවිධානය කර තිබූ අතර දරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සහ දරුවන්ට යහපත් අනාගතයක් උරුම කර දීම සහ දරුවන් සුරැකීම තේමා කර ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක විය. එම අවස්ථාවට බොහෝ පිරිසක් එක්ව සිටි අතර "පණ මෙන් සුරකිමු" පුවරුවේ අත්සන තැබීම සහ දරුවන් වෙනුවෙන් වැකියක් සටහන් කිරිමද ජනාධිපතිතුමා අතින් සිදුවිය. ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවි ජයවර්ධන, අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සුනිල් ශාන්ත මහත්වරු සහ පොලිස්පතිතුමා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි අයුරු. ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පිළිගැනීමේ උත්සවයක් හැඳල පුරාණ මහා විහාරස්ථ බුද්ධ ජයන්ති සමිතියේ සංවිධානයෙන් එම විහාරස්ථ පරිශ්‍රයේදී පසුගිය දා පැවැත්විණි. එම අවස්ථාවට එක් වූ විහාරාධිපති හිග්ගොඩ සද්ධානන්ද නා හිමියෝ දියවඩන නිලමේතුමාට තිළිණයක් ප්‍රදානය කළ අයුරු.
ඡායා – උතුරු කොළඹ සමූහ – ඒ. මදුරවීරන්

''අයහපත් දිවි පැවැතුම් පිටු දකිමු" පා ගමනේ

කොළඹ පාසල් වල සහභාගිත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරන ලද ‘අයහපත් දිවි පැවැතුම් පිටු දකිමු’ පා ගමන පසුගිය 24 වැනිදා පැවැත්වුණි. එහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු පා ගමනේ නිරතව සිටි අයුරු. ඡායාරූප – චින්තක කුමාරසිංහ