පිහිට පතයි
අසාධ්‍ය තත්ත්වයෙන් පෙළෙන අවුරුදු අටක් වයසැති දරුවෙකුට “ඕ පොසිටිව්”
වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි
අයෙකු වේ නම් දුරකථන 0778 646222 හෝ 0766368607 හෝ 0777 606284 දන්වන
ලෙස ඉල්ලීමක් කරයි.
යාපනය අංක 32/1 කුමාර්සාමි මාවත කන්ද මඩම්හි පදිංචි වී. තිලකාවතී (56)
නමැති අය වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඇයට 'ඕ' පොසිටිව් වර්ගයේ
වකුගඩුවක් බද්ධ කළ යුතුබවට මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය
නිශාන්ත නානායක්කාර මහතා නිර්දේශ කැර ඇති බව කියයි.
වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකුවේ නම් 0777393857 දුරකතන
අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.
අවිස්සාවේල්ල, පුවක්පිටිය , හිඟුරල, මොරිස් රාජපක්ෂ (පහළ) මාවත අංක
99/ඕ හි පදිංචි ඩී.ඩබ්. දීපිකා දමයන්ති යන අය දරුණු වකුගඩු රෝගයෙන්
පෙළෙන බව දන්වා ඇත. දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඇයට ඒ හෝ බී පොසිටිව්
වර්ගයේ වකුගඩුවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරයි. ඖෂධ සඳහා මුදල්
අවිස්සාවේල්ල මහජන බැංකුවේ ගිණුම් අංක 029200130020601 මුදල් බැර කළ
හැක. වැඩි විස්තර 0716900182 හෝ 0723400559 මගින් දැනගත හැක.
179/15 විජය කුමාරතුංග මාවත කිරුළපන කොළඹ 05 ලිපිනයේ පදිංචි ලක්ෂ්මන්
පීරිස් (64) යන අය වකුගඩු රෝගයෙන් පෙළෙන බව දන්වා ඇත.ඕ පොසිටිව් වර්ගයේ
වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය නිර්දේශය
වී ඇත. පරිත්‍යාගශීලියකු වෙතොත් 0112816713 හෝ 0782712973 ට දන්වන මෙන්
ඉල්ලීමක් කැරේ. |