කඨින පින්කම්
			
			 
			උඩුනුවර 
			පුරාණ විහාරස්ථානය 
			
			උඩුනුවර ළිහිණියගොඩ පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පුණ්‍ය කර්මය 
			නොවැම්බර් 3 හා 4 දිනවල පැවැත්වෙන බව විහාරාධිපති කොහොවල දම්මදස්සි 
			හිමියන් දන්වා සිටියි.  
			නොවැම්බර් 3 වැනි දින බෝධි පූජාව උඩුගම්පිටිය විහාරාධිපති වතුපොළ වංගීස 
			හිමියන් විසින් පැවැත්වෙයි. 
 
			 
			 
			මරදාන ශ්‍රී මහින්දාරාමය 
			
			කොළඹ 10 මරදාන ශ්‍රී මහින්දාරාමයේ කඨින පින්කම මේ මස 6 සහ 7 යන දෙදින 
			තුළ සිදුකිරීමට විහාරාධිපති මාපලානේ ධම්මාලෝක නා හිමියන්ගේ අනුශාසනා 
			පරිදි කටයුතු යොදා ඇත.  
			6 වෙනි දින සවස 7.30 ට ගිලන්පස බුද්ධ පුජාව පවත්වා රාත්‍රී 8.00 මහ 
			පිරිත් දේශනය පසුදා උදෑසන වනතුරු පැවැත්වෙන අතර, කිත්‍යාකර පාර අංක 18 
			දරණ නිවසින් කඨින වස්ත්‍රය රැගත් පෙරහැර පිටත්වී උදෑසන 6 ට 
			විහාරස්ථානයට පැමිණ මහා සංඝරත්නයට කඨින වස්ත්‍රය සහිත කප්රුක පූජා 
			කිරීමත් දාවල දානය මහාසංඝරත්නයට පූජා කිරිමටත් නියමිතය.  
			මෙවර එම කඨින මහා පින්කමේ ප්‍රධාන දායකත්වය නාවල පාසල් මාවතේ අංක 21/5 
			නිවසේ පදිංචි තනුජ ගුණසේකර මහතා සහ මහත්මිය විසිනි.    
			කුරුණෑගල ශ්‍රී සාරානාත් විහාරය
			
			කුරුණෑගල –දඹුල්ල පාරේ ශ්‍රී සාරානාත් විහාරයේ කඨින චීවර පින්කම හා කප් 
			රුක් පූජාව නොවැම්බර් 9-10 දිනවලදී විහාරාධිපති උප්පලවත්තේ විමලානන්ද 
			හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.  
			ආශිර්වාදාත්මක බෝධි පූජාව 09 දින පනාවල ජිනසිරි හිමියන් විසින් පවත්වන 
			අතර 10 දින අලුයම කඨින චීවර පෙරහැර ධර්මපාල මාවතේ ආරියසේන මහතාගේ 
			නිවසින් පිටත්ව විහාරස්ථානයට ගෙවදේ. දහවල 20 නමක් විෂයෙහි සපිරිකර සහිත 
			සංඝගත දක්ෂිණාවකින් පින්කම නිමාවට පත්වේ.    
			 
			කොටගල පබ්බතාරාමය 
			
			 
			හැටන් – කොටගල පබ්බාරාම පුරාණ විහාරස්ථානයේ කඨින චීවර පින්කම මේ මාස 30 
			හා 31 දින සිදු කෙරේ. 30 වෙනි දින සවස අටවිසි බුද්ධ පූජාව සහ බෝධි 
			පුජාව ජම්බුතැන්න නිශ්ශංකමල්ල හිමියන් විසිනි. එදින උදෑසන කුඩාඔය 
			ජනපදයේ සිට කඨින චීවරය සහිත පෙරහර කොටගල පබ්බතාරාම විහාරස්ථානයට 
			පැමිණේ.  
			31 වෙනි දින උදේ කාලයේ සම්බුද්ධ පූජාව පවත්වා මහා සංඝරත්නය උදෙසා දානය 
			පිරිනමනු ලබන අතර 31 වෙනි දින දහවල් කාලයේ කඨින චීවර පූජාව සහ මහා 
			සංඝරත්නය උදෙසා දානය පිරිනැමේ.    
			 
			 
			අඟුලාන ආනන්ද බෝධි විහාරය 
			
			 
			මොරටුව අඟුලාන උඩුමුල්ල ශ්‍රී ආනන්ද බෝධි මහා විහාරයෙහි වාර්ෂික කඨින 
			පින්කම මේ මස 04 සිට 08 දින දක්වා පැවැත්වීමට විහාරාධිපති ශාස්ත්‍රපති 
			හේනේගම අමරනන්ද හිමියන්ගේ හා විහාරාධිකාරී ශාස්ත්‍රවේදී බිබිලේගම රාහුල 
			යන හිමිවරුන්ගේ අනුශාසනා පරිදි විහාර කාර්ය සාධක සමිතිය කටයුතු යොදා 
			තිබේ.  
			04 වැනි දා සිට 06 දක්වා අටවිසි බුද්ධ පූජා පින්කම් මාලාවද, 07 දින සවස 
			මල් පෙරහර වීථි සංචාරයකොට, එදින රාත්‍රී 7 ට කහගොල්ලේ සෝමවංශ මා 
			හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවද, පිරිත් දේශනය හා පසු දින 
			කඨින චීවරය රැගත් පෙරහර ගෙවැදීමෙන් අනතුරුව හෑගොඩ විපස්සි හිමියන්ගේ 
			ප්‍රධානත්වයෙන් කඨින චීවර පූජාව පැවැත්වේ. කඨිනානිසංස ධර්මදේශනය 
			මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් විසින් පවත්වනු ලැබේ.    
			 
			කොබවක, ශ්‍රී සුමනාරාමය 
			
			 
			කොබවක, ශ්‍රී සුමනාරාමයේ කඨින පින්කම මේ මස 14 – 15 දෙදින පැවැත්වීමට 
			කටයුතු සංවිධානය කර ඇත. මෙම පින්කම් මාලාව කොබවක ශ්‍රී සුමනාරාම 
			විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ උපදේශකත්වයෙන් පැවැත්වේ. 14 
			වැනි දා දිවා කාලයේ දී කඨින රිය පෙරහර වීදි සංචාරය කර එදින රාත්‍රී 
			සමන් පුෂ්ප කුමාර තෙවරප්පෙරුම මහතාගේ නිවසින් කොබවක ශ්‍රී සුමනාරාමයට 
			පැමිණීමට නියමිතය. නොවැම්බර් මස 15 වන දින දවල් කඨින වස්ත්‍රය සඟ 
			සතුකොට පූජා කිරීම හා මහා සංඝරත්නය උදෙසා පිරිනැමෙන සපිරිකර සංඝගත 
			දක්ෂිණාවකි.    
			 
			අලපලාවල ශ්‍රී බෝධිමළු විහාරය 
			
			 
			කෑගල්ල අලපලාවල ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ කඨින චීවර පූජා පින්කම මේ 
			මස 07, 08 දිනවල පැවැත්වේ. 07 වන දින බෝධිපූජා පින්කම සහ දම් දෙසුමත් 
			08 අලුයම වඩුපොල හර දම්සිරි මහත්මියගේ නිවසේ සිට කඨින චීවරය රැගත් 
			පෙරහර විහාරස්ථානයට පැමිණීමටත් දහවල් මහ සඟරුවන විෂයෙහි සාංඝික දානමය 
			පින්කමත් පැවැත්වේ. පින්කම විහාරාධිපති ලීලාගම සීලරතන හිමියන්ගේ 
			අනුශාසනා පරිදි පැවැත්වේ.    
			 
			හැව්ලොක්ටවුන් ඉසිපතනාරාමය 
			
			 
			හැව්ලොක්ටවුන්හි ඉසිපතනාරාම මහා විහාරස්ථානයේ කඨින පින්කම මේ මස 06 සහ 
			07 දින පැවැත්වේ. 06 වැනිදා සර්ව රාත්‍රී පිරිත් දේශනාව 07 වැනිදා චීවර 
			පූජාව, දවල් දානය, රාත්‍රී ආනිසංස දේශනාව පැවැත්වේ. විහාරාධිපති 
			කිහිඹියේ විජිත නා හිමිගේ අනුශාසනා පරිදි අනුර බැස්ටියන් මහතා සහ එම 
			මහත්මියගේ ප්‍රධාන දායකත්වයෙන් පින්කම් පැවැත්වේ. 01 වැනිදා පාතේගම 
			ඤාණිස්සර හිමි, 02 වැනිදා රණස්ගල්ලේ ඤාණවීර හිමි, 03 වැනිදා අගලකඩ සිරි 
			සුමන හිමි, 04 වැනිදා කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 05 වැනිදා නරවැල්පිට 
			ආරියරතන හිමි, රාත්‍රී 7 සිට 8 දක්වා දම් දෙසුම් පවත්වති.    
			 
			රන්වැට විවෘත කිරීමක් සහ කඨින පින්කම 
			
			 
			 
			කෙසෙල්වත්ත හොරේතුඩුවේ ශ්‍රී විමලකීර්තියාරාම විහාරස්ථානයේ බෝධින් 
			වහන්සේ වටා ඉදිකරන ලද රන්වැට විහාරාධිපති රාජකීය පණ්ඩිත මැද උයන්ගොඩ 
			විජයකිත්ති මාහිමිගේ අනුශාසනා පරිදි මේ මස 8 වෙනි දා පස්වරුවේදී 
			කහගොල්ලේ සෝමවංස හිමියන් විසින් විවෘත කෙරේ. එම විහාරස්ථානයේ වාර්ෂික 
			කඨින මහා පින්කම මේ මස 8 වෙනි දා සිට 15 වෙනි දා දක්වා පැවැත්වේ. 8 
			වෙනි දින සිට අටවිසි බුද්ධ පූජා පැවැත්වෙන අතර 15 වෙනි දින රාතී‍්‍ර 
			මහා පිරිත් දේශනාවකින් පසු මෙම පින්කම නිමාවට පත්වේ.   |