Print this Article


හිදෝගම ශ්‍රී ශෛලතලාරාමය ධාතු නිධන් කිරීමේ උත්සවය

හිදෝගම ශ්‍රී ශෛලතලාරාමය ධාතු නිධන් කිරීමේ උත්සවය

අනුරාධපුර හිදෝගම පාවක්කුලම වැටහිරගල ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ ඉදිකළ චෛත්‍යරාජයාණන් වහන්සේට ධාතු නිධන් කිරීමේ උත්සවය සහ කඨින පූජා පින්කමට සමගාමීව 12 වන දා සිට 21 වන දා දක්වා ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ දී පින්කම් රැසක් පැවැත්වේ. මේ මස 12 දින සිට 18 දින දක්වා තුන් සූත්‍ර සහිත බෝධි පූජා පින්කමද, 20 වැනි දින රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනයක් ද එදින අලුයම කඨින චීවර රැගත් පෙරහර පාචක්කුලම, කළුවිල, 7 ඇල, මහනෙළුබෑව ආදී ගම්මානවල සංචාරය කරමින් ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයට වැඩමවීමට නියමිතය. 21 වන දින අලුයම කිරි ආහාර පූජාවක් පැවැත්වීමටත් හීල් දානමය පින්කම පවත්වා එදිනම පෙරවරුවේ නව චෛත්‍ය ධාතුයෙහි නිධාන සිදුකර දවල් ව්‍යංජන 32 ක් සහිත සම්බුද්ධ පූජාව පැවැත්වෙන බව ශ්‍රී ශෛලතලාරාමාධිපති උඩුනුවර ඉන්දික හිමි දන්වා සිටිති.