Print this Article


වල්පොල විමලඤාණ නා හිමියන්ට සද්ධම්මජෝතික ධජ ගෞරව නාමය පිදේ

වල්පොල විමලඤාණ නා හිමියන්ට සද්ධම්මජෝතික ධජ ගෞරව නාමය පිදේ

පෑලියගොඩ, ගංගාරාම මහා විහාරාධිපති වල්පොල විමලඤාණ නා හිමියන්ට මියන්මාර (බුරුම) රජයෙන් පිරිමන ලද “සද්ධම්මජෝතික ධජ” ගෞරවනාමය පිළිබඳ අක්තපත්‍රය පිළිගැන්වීම මේ මස 29 වැනිදා සවස 3.30 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශලා පරිශ්‍රයේ දී ( බී ශාලාව) සිදු කෙරේ.

එම උත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක, අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති රාජකීය පණ්ඩිත දොම්පහළ චන්ද්‍රසිරි මහ නා හිමි, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නා හිමි, අග්ග මහා පණ්ඩිත වැලමිටියාවේ කුසලධම්ම නා හිමි, අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික නිකායේ මහනායක එගොඩමුල්ලේ අමරමෝලි මහ නා හිමි ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.