Print this Article


අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ ක්ෂීරපායාස බුද්ධ පූජාව

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ ක්ෂීරපායාස බුද්ධ පූජාව

අනුරාධපුර බෞද්ධ මණ්ඩලය වසරක් පාසා පවත්වන ක්ෂීරපායාස බුද්ධ පූජාව මෙවරද මෙම 28 වෙනි දින උදෑසන, ජය ශ්‍රී මහා බෝසමිඳුන් අභියස සිදු කෙරේ. එම ක්ෂීරපායාසය කුඩ, කොඩි, සේසත් සමග පංචතූර්ය නාදය සහිත සැදැවතුන්ගෙන් සැදුම් ලත් මහා පෙරහරින් ගෙන ගොස් ජය ශ්‍රී මහා බෝසමිඳුන් වටා තුන් වරක් ප්‍රදක්ෂිණාකොට පූජා කිරීමට නියමිතය.

ඊට සමගාමීව එදින දහවල් ව්‍යංජන වර්ග එකසිය දොළහකින් සමන්විත බුද්ධ පූජාවක්, සවස චතුමධුර අෂ්ඨවිධ පාන වර්ග ඇතුලත් මහා ගිලන්පස පුජාවද නියමිත පරිදි සිදු කෙරේ.

මෙම පින්කම් සිදුකිරීම සඳහා සභාපති එම්.එම්. කුලසේකර මහතා ඇතුළු සාමාජික සාමාජිකාවන් ස්වකීය දායකත්වය දරති.