Print this Article


තෙළඟපාත ශ්‍රී සුධර්මාරාමය

තෙළඟපාත ශ්‍රී සුධර්මාරාමය

වත්තල තෙළඟපාත ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයෙහි වාර්ෂිකව සිදු කරනු ලබන වස් අවසාන පින්කම් මාලාව මේ මස 15 වැනි දින සිට නොවැම්බර් මස 15 වැනි දින කඨිනානිශංස ධර්ම දේශනාව පැවැත්වීමෙන් නිමාවට පත් වේ. සම්බුද්ධ පූජා, ධර්ම දේශනා, පිරිත් දේශනා, කඨින පෙරහර, කඨින වස්ත්‍ර පූජා, සංඝගත දක්ෂිණා ආදියෙන් මෙම පින්කම් මාලාව සමන්විත වෙයි. දිනපතා ධර්ම දේශනා රාත්‍රී 7.30 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.