Print this Article


හිදෝගම සුහදගමට ධර්ම ශාලාවක් සහ සංඝාවාසයක් සාදා සඟසතු කර පූජා කරයි

 හිදෝගම සුහදගමට ධර්ම ශාලාවක් සහ සංඝාවාසයක් සාදා සඟසතු කර පූජා කරයි


සුරවීර වැලිකුඹුර මහතා ඇතුළු පිරිස නව සංඝාවාසය පැන් වඩා සඟ සතු කළ අයුරු

පැමිණ සිටි සැදැහැවතුන්ගෙන් කොටසක්

නාච්චදූව ප්‍රාදේශීය ලේකම් ජේ.ඩබ්ලිව්. එස්. කිත්සිරි මහතා ගේ මිතුරකු වන කොම්පාස් ආයතනයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රුවන් චන්ද්‍රසේන මහතාගේ දැන හැඳුනුම මත කටාන කලිවරිප්පුව පදිංචි සුරවීර වැලිකුඹුර මහතාගේ පුද්ගලික ධනය යොදවා අටමහකුසල් අතර දැක්වෙන පින්කමක් ලෙස සලකා හිදෝගම සුහදගම ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයට අංගසම්පූර්ණ ධර්මශාලාවක් සහ සංඝාවාසයක් ඉදිකර සඟසතු කිරීම ඉකුත් පුර පසළොස්වක පොහෝදින (27) සවස සිදු කැරිණි. සුරවීර වැලිකුඹුර මහතා බෞද්ධයෙක් වන අතර ආදරණීය බිරිඳ නිලන්ති විතානගේ මහත්මිය වේ. වැලිකුඹුර මහතා එක් දරු පියෙකි.

සුහදගම ගම්මානය ගොවි ජනතාව වෙසෙන ගම්මානයකි. එම ගමේ පන්සලට මෙවැනි ගොඩනැගිලි ඉදිකර දෙන බව පැවසූ මොහොතේ පටන්ම ගමේ සෑම දෙනාම එකට එකතු වී එතුමා මුදල් වැය කරන විට ශ්‍රම දායකත්වයෙන් සහයෝගය දුන්හ. ශ්‍රී සුබෝධාරාමාධිපති පරතන්ගස්වැව සුමනරතන හිමියන් එතෙක් කටු මැටි ගැසූ සංඝාවාසයක වැඩ වාසය කළහ. එම විහාරස්ථානය ඉදිකිරීමට සුහදගම පදිංචි සුබසිංහ රාජකරුණා වෙදමහත්මයා විසින් තම පුද්ගලික ඉඩම පරිත්‍යාග කළහ.

ආගම් දෙකක පින්කැමති යුවළක්, රාජ්‍ය නිලධාරීන්, ගමේ ජනතාව, දායක සභාවේ නිලධාරීන්ගේ එකමුතුකම සහ උනන්දුව මත සුහදගම ගම්මානයට නව විහාරස්ථානයක් ගොඩනැගී ඇත. එම අවස්ථාවට ශ්‍රී සුබෝධාරාමාධිපති පරතන්ගස්වැව සුමනරතන හිමිපාණන්, කටාන පදිංචි සුරවීර වැලිකුඹුර, එම මහතාගේ බිරිඳ නිලන්ති විතානගේ, නාච්චදූව ප්‍රාදේශීය ලේකම් ජේ.ඩබ්ලිව්.එස්. කිත්සිරි, කළමනාකාර අධ්‍යක්ෂ රුවන් චන්ද්‍රසේන, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුරේකා කිත්සිරි, නාච්චදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඩබ්ලිව්.එම්. ජයතිලක, සුහදගම ග්‍රාම නිලධාරී වෛද්‍ය කුලරත්න, වෛද්‍යාචාර්ය සුභසිංහ රාජකරුණා, දායක සභාවේ සභාපති මහින්ද රත්නායක, අපේක්ෂා මරණාධාර සමිතියේ සභාපති සුනිල්, සිරිසේන යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් එම පින්කමට සහභාගි වූහ.