Print this Article


දිවානවත්ත බෝධිරුක්ඛාරාමයේදී පින්කම්

දිවානවත්ත බෝධිරුක්ඛාරාමයේදී පින්කම්

පූජාපිටිය දිවානවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාර-ස්ථානයට සිරිපා අනුරුවක් මේ මස17 දින පස්වරු 6.00 ට එම විහාරස්ථානයේදී පැවැත්වෙයි. එදින පස්වරු 3.00 සිරිපා අනුරුව රැගත් පෙරහර කටුගස්තොට සෙනරත් ගමින් පිටත්ව නුගවෙල, හෑදෙණියඔස්සේ මැදවල පාරට පිවිස ඉහයම ඔස්සේ පූජාපිටිය නගර මධ්‍යයෙන් දිවානවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාමය වෙත පස්වරු 6.00 ට ළඟා වීමට නියමිතය. පසුව 17, 18 හා 19 යන තෙදින තුළ ආගමික වැඩසටහන් රැසක් විහාරස්ථානයේ පැවැත්වෙන බව දිවානවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරවාසී සෙනරත්ගම ඉන්දරතන හිමියෝ පවසති.