Print this Article


බෞද්ධ සාහිත්‍ය උත්සවයේදී සම්මාන ලබති

බෞද්ධ සාහිත්‍ය උත්සවයේදී සම්මාන ලබති

බෞද්ධ සාහිත්‍ය උත්සවය ඉකුත් 20 වන දා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එම උත්සවය සංවිධානය කරන ලදී. එහි දී විශිෂ්ටතම සේවා අභිනන්දනය සඳහා පිරිනැමෙන මහාචාර්ය ජී. පී. මලලසේකර අනුස්මරණ සම්මානය මහාචාර්ය එම්. එම්. ජේ. මාරසිංහ මහතා වෙත අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පිරිනැමූ අවස්ථාව. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක,සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, උප සභාපති සෙන්පති සුදත් මඩුගල්ල මහත්වරු ඇතුළු පිරිසද සේයාරුවේ වෙති.

බෞද්ධ චිත්‍ර කලාව වෙනුවෙන් පිරිනැමෙන සොයිලියස් මෙන්ඩිස් අනුස්මරණ සම්මානය පියරත්න හේවාබටගේ මහතා වෙත අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් එහිදී පිරිනැමූ අවස්ථාවද මෙහි දැක්වේ.