UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණි රජමහා විහාරය

පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය හා උදෑසන බුද්ධපූජාව රන්දිලිගම මහින්ද හිමි, 8.00 – 9.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 ධර්මදේශනය කන්ද උඩපංගුවේ සෝමරතන හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධ පූජාව මාඋස්සාගොල්ලේ මුදිත හිමි, පස්වරු 2.00 – 3.00 විශේෂඥ වෛද්‍ය විද්‍යා දේශනය විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා, 3.00 – 4.00 ධර්මදේශනාව සෙනරත්ගම ධම්මරතන හිමි, 4.00 – 5.00 පිරිත් දේශනය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා, 5.00 – 6.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 ධර්මදේශනාව බෙලිගල අමරසිරි හිමි.


කළුතර බෝධිය

පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව වැලිකල පඤ්ඤාතර හිමි, 7.30 – 9.45 ධර්ම දේශනය තපෝවනයේ සුමේධ හිමි, 10.00 – 11.30 ධර්ම දේශනය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි, පස්වරු 1.00 – 2.45 ධර්ම දේශනය ලේනව මංගල හිමි, 3.00 – 4.30 ධර්ම දේශනය මිරිස්සේ ධම්මික හිමි, 5.00 – 6.00 ධර්ම දේශනය ගම්පහ මහානාම හිමි, 6.30 – 7.00 පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත් වූ බෝධි පූජාව (පටිගත කළ එකකි), 7.15 – 9.00 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 9.15 සිට රූපවාහිනී තුළින් බෞද්ධ වෙහෙර විහාරස්ථාන නැරඹීම.


බම්බලපිටිය සිරිවජිරාරාමය

පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම,අනුශාසනාව සහ බුද්ධ පූජාව, රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද මහානායක හිමි. 08.00-09.00 ධර්මානුශාසනාව –රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මකුරුප්පේ සෝමාලංකාර හිමි, 09.00-10.00 ධර්මානුශාසනාව සහ භාවනාව වේරදුවේ මහින්ද හිමි , 10.00-11.00 භාවනාව සහ අනුශාසනාව, ගම්පහ පාසාදික හිමි,11.00-11.15 බුද්ධ පූජාව, කුරුණෑගල චරණධම්ම හිමි; පස්වරු 12.30-01.30 සෙත් සිරිත් – කඹුරුගමුවේ මහානාග හිමි , 01.30-02.45 ධර්ම සාකච්ඡාව මීගොඩ සුඛිත හිමි, 03.00-04.00 ධර්මානුශාසනාව පාණදුරේ පසන්න හිමි, 04.00-05.00 ගිහිදේශනය – ජයසේන එදිරිසිංහ ශූරිහු ,05.00-06.00 ධර්මානුශාසනාව – ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 06.00-06.30 සිල් අලුත් කිරීම හා අටවිසි බුද්ධ වන්දනාව සිරි වජිරාරාමවාසි ස්වාමින් වහන්සේලා


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

පෙරවරු 6.00-6.30 ට උපෝෂථශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිපති, ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමි.7.00-7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, කන්තලේ සුමිත්තහිමි. 9.15-10.15 ධර්ම දේශනාව, වැලිමඩ පඤ්ඤාරාම හිමි, 10.30-11.00 ට දහවල් සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද හිමි. පස්වරු 12.15-12.45 ට බුද්ධානුස්සති භාවනාව, 2.15-3.15 ධර්ම දේශනාව, 3.30-4.30 දම්සක් පැවතුම් සූත්‍රදේශනාව. තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30-5.30 ට ධර්ම දේශනාව සෙවනගල අජිත හිමි. ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව , 8.00-9.00 ට රාත්‍රි ධර්ම දේශනාව (පටිගත කරන ලද දේශනයක්)


බොරැල්ලේ ගෝතමී විහාරය

පෙරවරු 6.30 උපෝසථ ශීලයෙහි පිහිටුවීම, සම්බුද්ධ පූජාව හා අනුශාසනාව තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 8.15 භාවනා ජදුරේ සුනීත හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම, හසිත දියබලනගේ, තිලංක දියබලනගේ සොහොයුරන්, 10.00 ධර්ම දේශනාව පණ්ඩිත දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය කහටපිටියේ ප්‍රඥාසාර හිමි, 11.00 සම්බුද්ධ පූජාව, පස්වරු 1.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මුරතුවෙල සීවලී හිමි, 3.00 ධර්ම දේශනාව අගලබඩ රතනධම්ම හිමි, 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව වෙරළුගොල්ලේ උදයනන්ද හිමි,


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පින්කම් රැසක් බිනරපෝදා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ අනුශාසනාව පරිදි සිදු කෙරේ. එදින උදෑසන අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ බෞද්ධ කොඩි 300 කිරිවෙහෙර චෛත්‍යය වටා පැළඳවීමේ කංචුක පූජාව පැවැත්වේ. උදේ ධර්ම දේශනාව ධර්මශාලාවේ පැවැත්වෙන අතර භාවනාව චෛත්‍ය මලුවේ පැවැත්වේ. මල් පෙරහර කිරිවෙහෙර විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට පැමිණ බෝධි පූජාව විහාරස්ථානයේ විහාරාධිකාරී අෂ්ඨඵල බෝධි තේවාවභාර තලගල ඤාණින්ද හිමියන් විසින් සිදු කරයි. රාත්‍රී 7.00 ට අටවිසි බෝධි පූජාව ද කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවද පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, විහාරස්ථ දායක සභාව පින්කම් කටයුතු සංවිධානය කරයි.

ඊ.එච්.සෝමපාල, කතරගම විශේෂ


ශි‍්‍ර විජය සුන්දරාරාමය හුණුපිටිය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි බිනර පෝදා පෙ.ව 6.00 සිට පසුදා පෙ.ව 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි අම්බලන්ගොඩ සුමනන්ද දේවගොඩ පියරතන, ඇලපිටිවෙල නන්දවිමල, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කරති.


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව පවත්වයි. පෙරවරු 8.00 – 9.00 ධර්ම දේශනාව ආටිගල අමිතදේව හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත කන්දෙගම දීපවංශාංලංකාර හිමි, 10.15 – 11.00 භාවනාව වැලිවේරියේ ගෝතමී දසසිල් මාතාව 11.00 දහවල් බුද්ධ පූජාවෙන් 12.00 – 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනාව 1.00 – 1.45 යුගාසන කවිබණ ධර්ම දේශනාව, 2.00 – 3.00 භාවනාව වැලිවේරියේ ගෝතමී දසසිල් මාතාව 3.00 – 5.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී බඹරැන්දේ වජිර හිමි, තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 6.00 ට මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඇරැව්වල තිසරණී දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මහත්මිය විසිනි.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාමය

පෙ.ව. 6.00 - 7.00 කිරිපිඩු පූජාව සීල සමාදානය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 - 8.30 භාවනාව, 8.30 - 9.30 දම් දෙසුම බොරැල්ලේ කෝවිධ හිමි, 9.30 - 10.30 දම් දෙසුම තලල්ලේ චන්දකිත්ති හිමි, 10.30 - 11.00 සම්බුදු පූජාව, පස්වරු 12.15 - 1.00 ධම්මචක්ක පවත්වන සූත්‍රය, 1.00 - 3.00 ධර්ම සාකච්ඡාව, මහහකෙළියේ ලොකුස්වාමීන් වහන්සේ සමඟ දිගන සුගතවංශ හිමි, 3.00 - 4.00 ධර්ම දේශනාව, පිටිපන සාසනරතන හිමි, 4.00-5.00 දම් දෙසුම මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි.


අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික මහාවිහාරයේ පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් දවස පුරා ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නා හිමියන්ගේ අනුශාසනා පරිදි, බෝමළුව විහාරවාසී පහළතලාවේ සුමනසිරි හිමියෝ වැඩසටහන සම්බන්ධීකරණය කරති.

පෙරවරු 6.00 අටසිල් සමාදන් වීම, 06.30 උදෑසන බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව, පටිච්ච සමුප්පාදය ආචාර්ය කුඹුගොඩආරේ පඤ්ඤාලෝක හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම 9.15 ගිහි දේශනය ආචාර්ය කේ.එම්.අයි. ස්වර්ණසිංහ මහතා, 10.15 දේශනයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 10.30 දහවල් බුද්ධ පූජාව දහවල් 12.00 ජාතක කතා දේශනාව පණ්ඩිත ඉහළදිවුල්වැවේ විමලවංශ හිමි, පස්වරු 1.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත රත්මල්ගහවැව රතනසිරි හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 2.45 දම්සබා මණ්ඩපය, මාතෘකාව, “පංච නීවරණ ධර්ම” සහභාගිත්වය දර්ශනපති පණ්ඩිත වැලිවිට සෝරත හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, ශාස්ත්‍රපති ඊ.එම්. අබේවර්ධන මහතා 4.00 භාවනාව ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව, කෙහෙල්වල රේවත හිමි,


කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරය

පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර බුද්ධ පූජාව සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව, බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව බුද්ධංගල ආනන්ද හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව දිවියාගහ යසස්සී නා හිමි, 11.00- 11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 “දම්සභා මණ්ඩපය” සාකච්ඡාව, කථිකාචාර්ය අළුබෝමුල්ලේ ධම්මාලංකාර නාහිමි, පල්ලේගම සෝමරතන නාහිමි, මෙහෙවීම නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 ධර්මදේශනාව ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත සෝමපුර සිරිසුධම්ම හිමි, 4.30 5.30 ධර්ම දේශනා ශාස්ත්‍රපති හාපිටිගම විජිත හිමි, 5.30 – 6.00 කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මහරගම පදුම හිමි.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහැර, පෙරවරු 6.30 -7.30 දක්වා උපෝෂථ අෂ්ඨාංග සීලය, සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව සිදුකිරීම ධර්මායතනාධිපති රාජකීය පණ්ඩිත දම්පහළ ඤාණරතන නා හිමි .8.00-9.00 භාවනාව වදුරඹ ඤාණාලෝක හිමි ,9.30-10.30 ජාතක කථා දේශනාව, පරිවේනාචාර්ය හා ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී නිමල් අමරවංශ මහතා 10.30-11.00 “බුදුසරණ පත්‍රය” බෙදාදීම දායකත්වය – ඔක්කම්පිටිය – බුරුතගොල්ල පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය 11.00-12.00 දහවල සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි , පස්වරු 12.30-2.00 බිනර පුර පොහෝ දින පිළිබඳ දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා. 2.00-3.00 ගිහිදේශනය ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා 3.00-4.00 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි , 4.00-5.00 මහපිරිත් දේශනාව සහිත ‘මහාසමය සූත්‍ර දේශනාව“ ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා . 5.00-5.30 සිල් පවාරණය සිදු කිරීම.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

තරුණ සීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව පණ්ඩිත දොඩම්පහළ කුමාරකස්සප හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව විහාරගල කුසල හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ මහියංගනයේ ධම්මසිද්ධි හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 විශේෂ දේශනය අනගාරික ධර්මසේකරතුමා, 3.00 – 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, උඩුදුම්බර උපරතන හිමි, 8.00 – 9.00 භාවනාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 අභිධර්ම දේශනය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව පැනසිහගම ඛේම හිමි, පන්විල සරණ හිමි, පස්වරු 12.35 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, ඕපනායක ධම්මවිරාග හිමි, 1.00 – 2.30 ධර්ම සාකච්ඡාව රන්වල ඥාණාවාස හිමි, 02.30 – 03.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හබරකඩ ඉන්දරතන නා හිමි, 5.00 – 6.00 ධම්මපදය, ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


ධම්මසුපෙෂා සිල් මෑණියන්ගේ දම් දෙසුමක්

කොටිකාඹේ ධම්මසුපෙෂා දසසිල් මෑණියන් විසින් පවත්වනු ලබන කාව්‍යමය ධර්මදේශනාව මේ මස 27 වෙනිදා සවස 1.00ට දෙවලපොල බලබෝව ශ්‍රී සුධර්මාරාම පිරිවෙන් මහා විහාරයේදී පැවැත්වේ. විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කුරුවිට චන්දානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව පින්කම සංවිධානය කරයි.


සීනිගම කුසුමාරාමය

සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරාධිපති පණ්ඩිත අකුරළ මංජුලතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරයේදී පොහෝ දින දවස පුරාම බුද්ධ පූජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බෝධිපූජා ආදි වැඩසටහන් රාශියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.


මාතර මහාමන්තින්ද පිරිවෙනේ බිනර පෙරහර පෝදා

මාතර සිරිරතනපාල මාවතේ මහාමන්තින්ද පිරිවෙන් විද්‍යායතනය මඟින් පවත්වනු ලබන මාතර බිනරමහ පෙරහැර මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ගැටමාන්නේ ධම්මකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 27 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.


ගලවිලවත්ත අධ්‍යාපන සංවර්ධන පදනම

මහ කටුවාන ගලවිලවත්ත අධ්‍යාපන සංවර්ධන පදනම ශිෂ්‍යත්ව පාසල් උපකරණ බෙදාදීම ආරම්භ කර වසර 10 ක් පිරීම නිමිත්තෙන් ශිෂ්‍යත්ව පාසල් උපකරණ, රෙදි පිළි සඳහා අනුග්‍රාහක දායකත්වය දැක් වූ සියලුම පින්වතුන් වෙත ආශීර්වාද කිරීමේ විශේෂ ධර්ම දේශනාවක් සැප්තැම්බර් මස 27 වැනිදා (පොහෝ දින) පස්වරු 2.00 සිට 3.00 දක්වා මහකටුවාන ශාසනවර්ධනාරාමයේ දී පැවැත්වේ.


ඇඹිලිපිටිය බෝධිරාජාරාමය

පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම හා සම්බුද්ධ වන්දනාව, ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී ඇත්බටුවේ සමිත හිමි, 9.45 – 10.45 භාවනාව ධම්මගවේසි හිමි, 11.00 දහවල බුද්ධ පූජාව, හම්බන්තොට විමලසිරි හිමි, පස්වරු. 1.00 – 2.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ඇඹිලිපිටියේ සුජාත හිමි, 2.15 – 3.15 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී විජේරියේ විමල හිමි, 3.45 – 4.45 භාවනාව ශාස්ත්‍රපති හත්පෝරුවේ ධම්මාධාර හිමි, 5.00 සිල් පවාරණය, මාදම්පේ උදිත හිමි, 7.00 රාත්‍රී අට විසි බුද්ධ වන්දනාව සහිත සම්බුද්ධ වන්දනාව ශාස්ත්‍රවේදී රන්නේ ඉන්දසාර හිමි.

 

     ‍  බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 27 වැනිදා ඉරිදා දිවා 12.06 ට ලබයි. 28 වැනි දා සඳුදා පූර්වභාග 08.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]