පත්බේරියේ විමලඥාණ නාහිමි පිළිගැනීම 27 වැනිදා
			පී. සිරිසේන ආරච්චි 
			 
			 
			කිරුලපන ශ්‍රී පූර්වාරාමය, ඇහැලියගොඩ කිරිපෝරුව ශ්‍රී නාගරුක්ඛාරාමය 
			ඇතුළු විහාරස්ථාන කිහිපයක විහාරාධිපති පත්බේරියේ විමලඤාණ නාහිමියන් වෙත 
			කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සභාව මඟින් මංගල ධර්මකීර්ති 
			ශ්‍රී ප්‍රඤ්ඤාාලෝක යන ගෞරව නාමය සහිතව රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක 
			පදවිය පිරිනැමීමෙන් පසු නාහිමියන් පිළිගැනීමේ උත්සවයක් අවිස්සාවේල්ල 
			ශ්‍රී සුදර්මාරාමාධිපති වේරහැර අරියවංශ නාහිමි, කන්තලේ විජිතවංශ හිමි 
			ඇතුළු ගිහි පැවිදි පිරිසකගේ සහභාගිත්වයෙන් 27 දා පස්වරු 2.30 ට 
			කිරිපෝරුව ශ්‍රී නාගරුක්ඛාරාමයේදී පැවැත්වීමට විහාරාධිකාරි මාරස්සන 
			සුගතවිමල හිමියන් ඇතුළු විහාර සංවර්ධන සමිතිය කටයුතු යොදා ඇත.  |