අම්පාර 
			සිව්මුණි සෑ විහාරස්ථානය
			
			සටහන 
			අම්පාරේ ධම්මානන්ද හිමි 
			 
			ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකායේ සේවයේ නියුතුව සිටිමින් රට වෙනුවෙන් 
			දිවි පිදූ රණවිරුවන් සිහි කරමින් පවත්වන්නට යෙදුණු 31 වන ගුණ සමරුව 
			විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා 
			මහතාගේ අනුශාසකත්වය යටතේ නැගෙනහිර පළාතේ ප්‍රධාන අණදෙන නිලධාරී විදුර 
			දිසානායක මහතා විසින් සංවිධානය කරන්නට යෙදුණි.  
			මීට සමගාමීව පසුගිය මස 31 වන දින අම්පාර සිව්මුණි සෑ වෙහෙර 
			විහාරස්ථානයේ විහාරාධිපති ඇත්පිටියේ චන්දානන්ද හිමියෝ ධර්ම දේශනාවක් ද, 
			රාත්‍රී අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා අට විසි බෝධි පූජාවක්ද, 
			නෙළුම්මල් පූජාවක් ද, අම්පාර සිව්මුණි සෑ වෙහෙර විහාරස්ථානය කේන්ද්‍ර 
			කර ගනිමින් පවත්වන්නට යෙදුණි. 
			එමෙන්ම අම්පාර විශේෂ කාර්යය බලකා කඳවුරේ දී මේ මස 01 වැනිදා මහා 
			සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද, මියගිය රණවිරුවන්ගේ 
			පවුල්වල ඥාතීහු දහවල ආහාර ලබා දීම, ප්‍රදේශයේ දුප්පත් තරුණයින් 60 
			දෙනෙකු තෝරා ඔවුන්ට ඇඳුම් පැළඳුම් ලබා දීමද මෙම විශේෂ පින්කම් මාලාවට 
			සමගාමීව සිදු කෙරිණි.  
   |