රද්දොළුගම ශ්‍රී සුමංගල දහම් පාසල
			
			
			රද්දොළුගම නිවාස සංකීර්ණයේ ශ්‍රී සුමංගල දහම් පාසලේ මව්පිය, ගුරු උපහාර 
			උළෙල වාර්ෂික ත්‍යාග හා සහ සහතික ප්‍රදානය මේ මස 26 වැනිදා උදේ 8.00 
			කටාන, මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ශාස්ත්‍රවේදී 
			කෝවින්නේ නිමලතිස්ස නාහිමි ප්‍රධානත්වයෙන් රද්දොළුගම කනිටු විදුහලේදී 
			ප්‍රධානාචාර්ය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නාහිමිගේ හා 
			දහම් පාසලේ සංවර්ධන සමිතියේ සංවිධානයෙන් පැවැත්වීමට කටයුතු සලසා ඇත. 
			මෙදින මව්පිය උපහාර උළෙල මෙහෙයවනු ලබන්නේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති 
			බුද්ධියාගම ධම්මසේන හිමි විසිනි. මෙදින ප්‍රධාන පැවිදි අනුශාසනාව 
			ශාස්ත්‍රපති අතුරලියේ රතන හිමියන් විසින් පැවැත්වේ.  |