Print this Article


ගුවන් හමුදා මුලස්ථානයේ සර්ව රාත්‍රික පිරිත් දෙසුමෙන්..

ගුවන් හමුදා මුලස්ථානයේ සර්ව රාත්‍රික පිරිත් දෙසුමෙන්..


පිරිත් දේශනාව සඳහා මහ සඟරුවනට ගුවන් හමුදාපතිතුමන් විසින් ආරාධනා කළ අවස්ථාව

කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නා හිමියන් වෙත ගුවන් හමුදාපතිතුමා දානමය පින්කමේදී අටපිරිකර පූජා කළ අවස්ථාව


සහභාගි වු පිරිසෙන් කොටසක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මියගිය හා අතුරුදන්වූ රණවිරුවන් හට පින් අනුමෝදන් කිරීමේ අදිටනින් සහ හමුදාධිපතිතුමන් ඇතුළු සියලුම ගුවන් හමුදා නිළධාරීන් හා සෙසු නිළයන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් සැප්තැම්බර් 21 වන දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් ගුවන් හමුදා මූලස්ථානයේ දී පැවැත්වුණි.

පිරිත් සජ්ඣායනය ආරම්භය සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් ‘සධාතුක කරඬුව‘ ගුවන් හමුදා මූලස්ථානය වෙත පෙරහරකින් වඩම්මා පිරිත් මණ්ඩපයේ තැන්පත් කරන ලදී.

සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව පසු දින උදෑසන (සැප්තැම්බර් 22) මහා සංඝරත්නය 63 නමක් වඩම්මවා අටපිරිකර පූජාවක් සහිතව මහා සංඝගත දක්ෂිණාවක් පිරිනමන ලදී. මෙම උතුම් කර්තව්‍යය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, ජේ්‍යෂ්ඨ නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් සහභාගි විය.