නාවල විමල විහාරයේ පින්කම් 
			
			විහාරාධිපති, බැරගම විමලධම්ම නාහිමියන්ගේ මෙහෙයවීමෙන්, නාවල විමල 
			විහාරයේ 59 වෙනි කඨින චීවර පූජාව හා වැරැල්ලානේ විමලතිස්ස අධිකරණ නා 
			හිමියන්ගේ 10 වෙනි වර්ෂ පූර්ණ ගුණානුස්මරණය නිමිතිකරගෙන මේ මස 15 
			වෙනිදා සිට ඔක්තෝබර් 31 වෙනිදා දක්වා ධර්ම දේශනා මාලාවක් පවත්වනු ලැබේ. 
			දිනපතා සවස 6.30 ට ගිලන්පස බුද්ධ පූජාව ද රාත්‍රී 7.00 ට ධර්ම දේශනාව 
			පැවැත්වේ. ඔක්තෝබර් 30 වෙනිදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්, 
			කඨින පෙරහර ඔක්තෝබර් 31 වෙනිදා අලුයම 3.00 ට ආරම්භ කර, වීථි සංචාරය කොට 
			උදේ 6.00 ට විමල විහාරයට පැමිණ මහා සංඝරත්නය විෂයෙහි කඨින වස්ත්‍ර 
			පූජාව පවත්වනු ලැබේ. ඔක්තෝබර් 31 වෙනිදා දහවල් ශතාධික සංඝගත දක්ෂිණාවක් 
			පිරිනැමේ.   |