Print this Article


“පරමාර්ථ ලෝකය” ඩී.වී.ඩී තැටිය එළි දකී

“පරමාර්ථ ලෝකය” ඩී.වී.ඩී තැටිය එළි දකී

භාවනානුයෝගිකයකු අවශ්‍ය මූලික ධර්ම කරුණු පිළිබඳව විග්‍රහයක් සහිත පැය 34 ක දේශනයක් අන්තර්ගත වී ඇති “පරමාර්ථ ලෝකය” මැයෙන් ඩී.වී.ඩී ශ්‍රවණ තැටිය එළිදැක්වීම මෙම මස 20 දින සවස 2.00 කළුතර බෝධි පරිශ්‍රමයේ අභිදහම් මණ්ඩපය මෙහෙයවීමෙන් සිදුකෙරේ.

මෙය බෙන්තර වලල්ලාවිට දෙකෝරලයේ ප්‍රධාන සංඝනායක පයාගල මලේගොඩ සිරිනන්දන පිරිවෙනේ ත්‍රිපිටක මහා පරිවෙණාධිපති හා අධ්‍යක්ෂ මලේගොඩ නන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරේ.

එදින බුදුදහමේ පරමාර්ථ ලෝකය මැයෙන් විශේෂ දේශනයක් පැවැත්වේ.