UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2015 බෞද්ධ සමාජ දර්ශනය ආදර්ශ ප්‍රශ්නෝත්තර

 බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2015 බෞද්ධ සමාජ දර්ශනය ආදර්ශ ප්‍රශ්නෝත්තර

2 අභ්‍යාසය

1. අර්ද්ධ වීර්යයෙන් යුක්ත තැනැත්තාගේ එක් දිනක ජීවිතය වුවද ශ්‍රේෂ්ඨ බව පවසන ධම්මපදය ගාථාව ලියන්න.

2. සාර්ථක ආර්ථික ජීවිතයක් සඳහා ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී ඉදිරිපත් කරන ලද සම්පදා හතර නම් කරන්න.

3. සමතුලිත ආර්ථිකයක් ගොඩනගා ගැනීමට බුදු දහම ඉදිරිපත් කරන උපදේශ නම් කරන්න.

4. විවාහ ජීවිතය ගත කරන අඹු සැමියන් කාණ්ඩ හතරක් ඇති බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙයි. එම කාණ්ඩ හතර නම් කරන්න.

5. සප්ත භාර්යාවන් නම් කරන්න.

6. කරණීය මෙත්ත සූත්‍රයේදී බෞද්ධයන් විසින් සුවපත් වේවායි ප්‍රාර්ථනයට ලක්වන ජීව කොට්ඨාස හතරක් නම් කරන්න.

7. ශිෂ්‍යයා විසින් ගුරුවරයාට ඉටුකළ යුතු යුතුකම් සිඟාලෝවාද සූත්‍රය ඇසුරින් ලියන්න.

8. සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන ධනය විනාශවීමට මං පාදන කරුණු නම් කර ඒවා ධනය විනාශ වීමට හේතුවන ආකාරය පැහැදිලි කරන්න.

9. නීති පැනවීමේ දී බුදුරදුන් විසින් අරමුණු දහයක් පදනම් කොටගෙන ඇත. ඒවායින් හතරක් නම් කරන්න.

10. බෞද්ධ සමාජ දර්ශනයේ දී සමාජය දිශා හයකට බෙදා දක්වා තිබේ. එම දිසා සමඟ දිසා නියෝජනය කරන පුද්ගලයන් නම් කරන්න.

11. සිඟාලෝවාද සූත්‍රයේ පෙන්වා දෙන පරිදි ඔබ ඔබේ යහපත් මිතුරාට උපකාර කරන ආකාරයත්, මිතුරාගෙන් ඔබට ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි උපකාරත් දක්වන්න.

12. නියාම ධර්ම අතුරෙන් භෞතික හා ජීව විද්‍යාත්මක නියාම ධර්ම දෙකක් නම් කරන්න.

13. රට සාරවත් කිරීමට හා ස්ථාවර කිරීමට සක්විති රජ ප්‍රතිපත්ති හතරක් අනුගමනය කරයි. එම ප්‍රතිපත්ති හතර නම් කරන්න.

14. දැහැමි රජකුගේ ක්‍රියාකාරකම් හා පෞරුෂ ලක්ෂණ දහයකි. ඒවා නම් කරන්න.

15. අසංවිධිත පරිභෝජනයට ඇබ්බැහිවුණු පස් දෙනෙකු බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. එම පස් දෙනා නම් කරන්න.

16. උත්සාහවන්තව නිෂ්පාදනයේ යෙදීමට උපදෙස් අටක් අංගුත්තර නිකායේ දැක්වේ. එම කරුණු අට සඳහන් කරන්න.

17. ‘ඒකෙනභෝගේ භුඤ්ජෙය්‍ය’ යන ගාථාව සම්පූර්ණ කරන්න.

පිළිතුරු

1. යො චෙ වස්සතං ජිචෙ – කුසීතං හීනවීරියං
එකාහං ජීවිතං සෙය්‍යො - වීරිය මාරහිතෙ දළහං

2. උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණමිත්තා, සමජීවිකතා

3. නිෂ්පාදන කටයුතුවලදී උට්ඨාන සම්පදාවත් සංරක්ෂණයේදී ආරක්ඛ සම්පදාවත් පරිභෝජනයේ දී සමජීවිකාවත් අනුගමනය කිරීමට උපදෙස් දී තිබීම.

පරිභෝජනයේ දී එකෙන භොගෙ භුඤ්ජෙය්‍ය ආදී වශයෙන් ආදායමෙන් හතරෙන් එකක් ද ආයෝජනයේ දී ද්විහි කම්මං පයෝජයේ යනුවෙන් ආදායමෙන් භාගයක්ද, සංරක්ෂණයේ දී චතුත්ංච නිදාපෙය්‍ය ආදී වශයෙන් තැන්පත් කිරීම හතරෙන් එකක්ද යොදවන ලෙස උපදෙස් දී තිබේ.

4. ජවො ජවාය සද්ධිං සංවසති, ජවො දෙවතාය සංවසති,
දෙවො ජවාය සද්ධිං සංවසති, දෙවො දෙවියා සද්ධිං සංවසති,

5. වධකසම භාර්යාව, චොරිසම භාර්යාව, අසම භාර්යාව, මාතුසම භාර්යාව, භගිනිසම භාර්යාව, සබ්බසම භාර්යාව, දාසිසම භාර්යාව

6. ථසාථාවරා දීගා මහන්තා මජ්මා රස්සකාවා - අණුකා ථූලා දිට්ඨා අදිට්ඨා යෙච දුරෙ වසන්තියෙ අවිදුරෙ (වසන්ති භූතා ආදී සත්වයින්)

7. ගුරුවරයා දුටු විට නැගී සිටීම, උපස්ථාන කිරීම, උපදෙස් පිළිපැදීම, අවශ්‍ය කටයුතු කර දීම, මැනවින් ඉගෙනීම.

8. සුරා පානය හා මත් ද්‍රව්‍යය භාවිතය, අවේලාවෙහි වීදි සංචාරය, නිතර නිතර නැටුම් ගැයුම් බැලීමට යාම, සූදුව, පාප මිත්‍ර සේවනය, අලසකම.

යමෙක් ඉහත සඳහන් කරුණු වලට අනුව කටයුතු කළහොත් ඔහුගේ ධනය විනාශ වී යනු ඇත. සුරාපානය, සූදුව මෙන්ම පාප මිත්‍ර සේවනයෙන්ද අලසකමින් යුතුව ක්‍රියා කිරීමෙන්ද ධනය විනාශ විය හැකිය.

9. 1. සංඝයාගේ සතුට පිණිස
2. සංඝයාගේ පහසුව පිණිස
3. වැරදි කරන්නවුන්ට නිග්‍රහ පිණිස
4. හටගත් වැරදි දුරු කිරීම පිණිස.

10. නැගෙනහිර – මව්පියෝ දකුණ – ගුරුවරු බටහිර – අඹුසැමියෝ

උතුර – මිතුරෝ යට - සේවකයෝ උඩ – පැවිද්දෝ

11. පරිත්‍යාග කිරීමෙන්, පි‍්‍රය වචනයෙන්, දියුණුවට අනුබල දීමෙන්, අර්ථචරියාවෙන්, සමානත්වයෙන් සලකා ක්‍රියාකිරීමෙන්, අවංක බවින්, අවිංසවාදතා යුතුව තමා ක්‍රියා කරන විට මිතුරාද අප්‍රමාදීව ක්‍රියාකරන විට මිතුරාද අප්‍රමාදීව ක්‍රියා කරන විට ආරක්ෂා කරයි. එවැනි අවස්ථාවල ධනය රැක දෙයි. භීතියක් ඇති වූ විට රැක ගනියි. ආපදාවකදී අත්හැර නොයයි. පවුලේ අයට ද සංග්‍රහ කරයි.

12. බීජ නියාමය හා උතු නියාමය

13.
1. රජ පවුලේ සාමාජිකයන් බලයෙන් ක්ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති පිරිසක් ගම් වැසියන් පැවිදි පිරිස් සිවුපාවුන් හා කුරුල්ලන් ද ඇතුළු සියලු දෙනාට දැහැමි රැකවරණය ආරක්ෂාව සලසයි.
2. රටෙහි අධර්මය මර්දනය කරයි.  
3. නිර්ධනයන්ට ධනය ලබා දී ආර්ථික සමෘද්ධිය ඇති කරයි. 4. ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස් වෙතින් අනුශාසනා ලබා ගනිමින් ධාර්මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි.

14. දානය, සීලය, පරිත්‍යාගය, සෘජු බව, මෘදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ක්ෂාන්තිය, අවිරෝධතාව

15. අරහත්ථක, අලංසාටක, තත්‍රවට්ටක, කාකමාසක, භුත්තවමිතක

16.
1. ඉදිරියට කරන්නට ඇති වැඩ ගැන සිතා දැන් කළ යුතු දේ දැන්ම කරන්න.
2. වැඩක් කර අවසන් වූ විට එය අවසන් කළා යැයි නොසිතා ඒ වැඩය කළ කාලය තුළ අතපසු වූ වැඩක් ඇත්දැයි සොයා බලා එයද කරන්න.
3. ගමනක් යෑමට ඇති විට කළ යුතුව ඇති වැඩ අවසන් කරන්නට වෑයම් කරන්න.
4. ගමනක් ගොස් ආපසු ආ විට ඒ කාලය තුළ මඟහැරුනු කටයුතු කරන්න.
5. ප්‍රමාණවත් ආහාරයක් නොලද අවස්ථාවේදී තවමත් මගෙ කය වැඩෙහි යෙදිය හැකිය. සැහැල්ලුය. දුබල වන්නට පෙර වැඩ කළයුතු යයි උත්සාහ කරන්න.
6. ප්‍රමාණවත් ආහාරයක් ගත් කල්හි දැන් ශරීරය ශක්තිමත් යයි සිතා වැඩ කරන්න.
7. මද ගිලන් බවක් දැනෙන විට රෝගය උත්සන්න වන්නට පෙර කළයුතු වැඩ නිම කරන්නට උත්සාහ කරන්න.
8. රෝගයකින් සුවය ලද පසු රෝගීව සිටි සමයෙහි අතපසු වූ වැඩ කරන්නට වෑයම් කරන්න.

17. එකෙන භොගෙ භුඤ්ජෙය්‍ය - ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථං ච නිදාපෙය්‍ය - ආපදාසු භවිස්සති

 

 
 

     ‍ නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.56 ට ලබයි. 06 වැනිදා ඉරිදා පූර්වභාග 03.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 බදාදා සෙනසුරාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]