UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ළමා ලොවයි සදහම් සුවයයි

ළමා ලොවයි සදහම් සුවයයි

මෙත් වැඩීමේ අනුසස් පවසන මෙත්තානිසංස සූත්‍රය

පින්වත් දුවේ පුතේ,

සමාජයේ ජීවත් වන කවර පුද්ගලයෙකු තුළ වුවද තිබිය යුතු උතුම් ගුණාංගයකි මෛත්‍රිය. සමාජය තුළ ඇති වන්නා වූ බොහෝ ප්‍රශ්නයන්ට හේතු සාධක කවරෙක් ද? යන්න විමසීමේදී ‘මෛත්‍රීය සිත් තුළින් ඈත්වීම් යන කරුණු පෙන්වා දිය හැකිය. මෙය බුදු පියාණන් වහන්සේගේ බුද්ධ චරිතය තුළින් විද්‍යාමන වන උදාර ගුණාංගයකි. ඒ පිළිබඳව දැක්වෙන කතා පුවත් බොහෝ දැකිය හැකිය. මෙත්වැඩීමේ අනුසස් නොයෙක් අවස්ථාවලදී ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට යෙදුණේ ය. එහිදී විශේෂයෙන් මෙත් වැඩීමෙන් ලැබෙන අනුසස්, ‘එකොළහක්’ මෙත්තානිසංස සූත්‍රයෙහි සඳහන් වේ.

සුඛං සුපති – (සුවසේ නිදයි)

සුඛං පට්බුජ්ඣති – (සුවසේ පිබිදෙයි)

න පාපකං සුපිනං පස්සති – (නපුරු සිහින නො දකියි)

මනුස්සානං පියෝහෝති – (මිනිසුන්ට පි‍්‍රය වෙයි)

අමනුස්සානං පියෝ හෝති - (අමනුෂ්‍යයන්ට පි‍්‍රය වෙයි)

දේවතා රක්ඛන්ති – (දෙවියන් විසින් රකිනු ලබයි)

නාස්ස අග්ගිවාවිසංවා ඛමති – (ගින්නෙන් හෝ වස විසකින් අනතුරු නොවේ.)

තුවටං චිත්තං සමාධියති – (සිත සන්සුන් වෙයි)

මුඛ වණ්ණො විප්පසීදති – (මුහුණ ප්‍රසාද ජනක වෙයි.)

අසම්මුල් හෝ කාලංකරොති – (නුමුලාව කලුරිය කරයි)

උත්තරිං අප්පට්විජ්ඣන්තො බ්‍රහ්ම ලොකූපහෝ හෝති – (රහත් නොවීනම්’ බඹලොව උපදියි.)

ඉහත සඳහන් කරුණු ජීවිතයට උදාවන්නේ ද, ඔබගේ දිවිය, මෙලොව පමණක් නොව පරලොව වශයෙන් ද වාසනාවන්ත සොඳුරු දිවියක් බවට පත් වන බව නියතය. මෛත්‍රිය තුළ ජීවිතය ගත කිරීම යනු සමාජයෙහි විශාල ප්‍රශ්නයන්හට නියත පිළිතුරු ය. මෙත් වඩමු සැම සත හට දෙලොව දිවිය ජයගනිමු.


නිවනට බාධාව තණ්හාවයි

තණ්හාව නිවනට බාධා පමුණුවයි. තෘෂ්ණාව, ආශාව, ලෝභය යන මේ සියලුම වචනවලින් කියැවෙන්නේ තණ්හාවයි. තණ්හාව බුදුදහමට අනුව කොටස් තුනකි. කාමතණ්හා, භවතණ්හා, විභව තණ්හා යනු ඒ කොටස් තුන වේ. කාම තණ්හා යනු, පංචස්කන්ධය හීනවීමට ඇති ආශාව කාම තණ්හා යන නමින්ද භව තණ්හා යනු, මේ භවයට ඇති ආශාවයි. විභව තණ්හා, නැවත ඉපදීමක් නැතැයි සිතා පංචකාම සම්පත් විඳිමින් ජීවත් වීම වේ. තණ්හාව නිසා දුකහට ගනී. තණ්හාව නිසා නිවනට ගමන් කිරීමට පමාවෙයි. එසේම තණ්හාව නැති කිරීමෙන් දුක නැතිවෙයි. තණ්හාව නැති කිරීමෙන් නිවන කරා ගමන් කිරීමට පහසු වෙයි. බුදුරජාණන් වහන්සේද උතුම් වූ නිවන් සුවයට පැමිණීමට ආත්මගණනාවක සිටීම තණ්හාව ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් දාන පාරමිතාවන් සම්පූර්ණ කළ සේක. උන්වහන්සේ අවසානයේ සම්පූර්ණයෙන්ම තණ්හාව නැති කළ සේක. උතුම් වූ නිවනට බාධා පමුණුවන තණ්හාව නැති කිරීමට අපිද උත්සාහවන්ත වෙමු.


සවස

අරුණට පෙර පියමංකර හිරු දෙවිඳුට පින් දී ගෙන

රට රකිනා ගොවිපළවෙත උණු දා බිඳු නොමදසැලින

ගොවියා දෙවියා විලසින් දිනය නිමාකර සතොසින

හිරු අවරේ සවස් හිදී පව්ලෙ සැවොම බුදුන් වඳින

දෑත දෙපයෙ වෙර වීරිය දිවි මඟ සරි කරන වෙහෙස

වෙහෙස නිමාකර සැනසුම ලබන මොහොත වේය සවස

සවස සැවොම එක්ව තුටින ගයා වයා නිවයි පවස

පවස මුදල්මය සැමදා ලැබෙතොත් එය වේය සතොස

මැද පෙළ ලෙසින් නම් ලද පැති කඩක් වෙතී

ජන මනසට වගකීමෙන් බැඳ සිටිතී

අට හෝරාව නිමවී නිවසෙහි වෙසෙතී

අවිවේකය කරපින්නා සවසත් ගෙවතී

නිලදරු පැලැන්තිය හා පරිණත දෙටුවෝ

නවතම සමාජයෙ දියුණට කැප වූවෝ

දිව රෑ දෙක්හි නුවණැස විහිදන පඬුවෝ

මනසෙහි විවේකය සවසට හුරු වූවෝ

එලොවත් මෙලොවත් නොදකින සමහර

යහපත්, නොපහත් දේ හැම දුරු කර

උපනත් වැඩුනත් සිරුරකි පව් බර

නොපනත්, මුසපත් සවසකි ගොර තර


ඔබේ ආදරය පමණයි.......

ආත්මයෙන්ම
ඔබ මා කෙරහි
දැක්වූවා
ආදරය.....

නොහැඟී, නොදැනුනා
යුවතියකගෙ ආලයකට
වූවා නිමේෂයක් ඒ ආලය
නොහැගේ රැවටුනාද යත්.....

මගේ ප්‍රථමයද
අවසානයද
ඔබේ ආදරය පමණයි
අම්මේ......



හැඟව ශ්‍රී සෝමානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රවේදී ආචාර්ය මාරස්සන මහින්ද ස්වාමිපාදයාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දහම් පාසල් සිසුන් ශීල භාවනා වැඩසටහනකට යොමු කරවන ලදී. එම අවස්ථාවේ සිසුන් ගිලන්පස බුද්ධ පූජාව වැඩම කරවූ අයුරු. පරගම්මන, නන්ද



මහනුවර අම්පිටිය, ශ්‍රී ජෙමිසන් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ්‍රී මිහිඳු දහම් පාසලේ ආර්.ජි. දෙවිමිණි කවිෂා, වික්‍රමසිංහ ශිෂ්‍යාව විසින් මහනුවර තරුණ බෞද්ධ සංගමයේ 50 වෙනි සංවත්සරය නිමිත්තෙන් එහි සාහිත්‍ය, සංස්කෘතික හා කලා අංශය මගින් පවත්වන ලද දහම් පාසල් සහ පාසල් චිත්‍ර තරගයේ කනිෂ්ඨ අංශයේ ජයග්‍රහණය හිමිකරගන්නා ලදී.

ඡායාරූපය, කේ. බණ්ඩාරනායක



ළමා පිටුවට නිර්මාණ

පාසල් සහ දහම් පාසල් සිසු දරුවන්ගේ ගැදි, පැදි නව නිර්මාණ, සිතුවම් ආදිය මෙන්ම දරුවන්ගේ විශේෂ දක්ෂතා ඡායාරූප සහිතවද මෙම පිටුවෙහි පළ කැරේ. පාසල් හෝ දහම් පාසල් බෞද්ධ සංගම් මඟින් එකම පාසලක හෝ දහම් පාසලක සිසු දරුවන්ගේ ළමා නිර්මාණ එක් දිනකදී වුවද එම ළමා නිර්මාණ පිටුවෙහි පළ කර ගත හැකි වේ. ළමා ඔබේ නිර්මාණ
ළමා පිටුව,
බුදුසරණ,
ලේක්හවුස්, කොළඹ

ලිපිනයට යොමු කරන්න.

 

     ‍ නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.56 ට ලබයි. 06 වැනිදා ඉරිදා පූර්වභාග 03.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 බදාදා සෙනසුරාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]