Print this Article


සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය

සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය

මහනුවර අස්ගිරිය මහා විහාරයීය විංශත්වංශික කාරක මහා සංඝ සභාව විසින් ඓතිහාසික බම්ඹාරජමහා විහාරාධිපති ධුරයට පත්කරනු ලැබූ මහනුවර ශ්‍රී නාථදේවාල විහාරය, ගැටඹේ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය. මැණික්හින්න හීපිටිය පුරාණ විහාරත්‍රයාධිපති, අස්ගිරිය මහා විහාරයීය කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික, මහෝපාධ්‍ය ගොමගොඩ ශ්‍රී ගුණරතන රතනසාර නාහිමි වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය මේ මස 06 වෙනි දින සවස 2.00 ට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක ගලගම ශ්‍රී අත්ථදස්සි මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අස්ගිරිය මහා විහාරයීය අනුනායක ශාස්ත්‍රපති වරකාගොඩ ශ්‍රී ඤාණරතන, අස්ගිරි මහා විහාරයීය අනුනායක ශාස්ත්‍රපති, වේඩරුවේ උපාලි නාහිමි දෙනම-ගෙන්ද ශ්‍රී සන්නස් පත්‍රය ලබා අස්ගිරි සංඝ සභාවේ ආසිරිවාදය ලබන රතනසාර නාහිමිපාණන් 10 වෙනිදා ඓතිහාසික බම්ඹා රජමහා විහාරයේදී පිළිගෙන ආසිරිවාදාත්මක ආගමික වැඩසටන් මාලාවකට සහභාගිවෙනු ඇත. සැප්තැම්බර් මස 12, 13 දිනවලදී ගැටඹේ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ පවත්වනු ලබන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවකින්ද ආසිරි ලබන රතනසාර නාහිමි විසින් 13 වෙනි දින අස්ගිරි මහා නා හිමි, අනුනායක හිමි දෙනම ප්‍රධාන අර්ධ ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක්ද පිරිනමනු ඇත.