යටගම ශ්‍රී නාගවනාරාම විහාරය
 
	
		
			යටගම ශ්‍රී නාගවනාරාම විහාරය
			
			 
			 
			යටගම ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති නාලපහ ඉන්දවිමල 
			නා හිමියන්ගේ අනුශාසනා පරිදි ඉදි කරන ලද අභිනව චෛත්‍ය රාජයාණන්ගේ කොත් 
			පැළඳවීම අගෝස්තු මස 27 වෙනි දින උදේ අත්තනගලු රජමහා විහාරාධිපති ආචාර්ය 
			පන්නිල ආනන්ද නාහිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරේ. කොත් වහන්සේ 
			නිරාවරණය හා ප්‍රථම චෛත්‍ය පූජාව, එදින සවස ශ්‍යාමෝපාලි මහ නිකායේ 
			අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නා හිමි 
			පාණන්ගේ හා ස්‍යාමෝපාලි මහ නිකායේ කෝට්ටේ ශ්‍රී කල්්‍යානී සාමගී‍්‍ර 
			ධර්ම මහා සංඝ සභා මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධර්මාලංකාර මහා නාහිමියන්ගේ 
			ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.   | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 
		     නිකිණි පසළොස්වක පෝය 
		
		නිකිණි පසළොස්වක පෝය අගෝස්තු මස 29 වැනිදා සෙනසුරාදා 
		පූර්වභාග 03.35 ට ලබයි. 30 වැනිදා ඉරිදා පූර්වභාග 0.05 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන්වීම 29 වැනිදා සෙනසුරාදා ය.  
		
		මීළඟ පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදාය. 
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |