රද්දොළුව 
			අභිනවාරාමය
			
			 
			 
			සීදුව රද්දොළුව අභිනවා-රාම විහාරස්ථායේ මෙම වසරේ වස්කාල සීමාව තුළ සෑම 
			ඉරිදා සෙනසුරාදා දිනයන්හි පස්වරු 5.30 ට අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා, 
			පහන් පූජා පින්කම් මාලාවක් විහාරාධිපති රද්දොළුවේ අමරවංශ නාහිමියන්ගේ 
			උපදේශකත්වයෙන් හා විහාරාධිකාරි ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස හිමියන්ගේ 
			සංවිධානයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
			සැමට සෙත ශාන්තිය ආශිර්වාද ආරක්ෂාව සඳහා මහා පිරිත් දේශනය (තුන් 
			සූත්‍රය) ධම්මචක්ක සූත්‍ර සහ ජය පිරිත් සූත්‍ර දේශනා සෑම ඉරුදිනකම 
			පස්වරු 5.30 රද්දොළුව අභිනවාරාම විහාරස්ථානයෙදී පැවැත්වේ.   |