| 
						 
						   | 
					
					
						| 
						 මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා 
						නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ 
						ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ 
						ප්‍රධාන කාරක මහා සංඝ සභාව මල්වතු මහා විහාරයේ දී 
						අග්‍රාමාත්‍යතුමා වෙත ආශිර්වාද පළ කළ අතර මහානායක 
						මාහිමිපාණන් වහන්සේ පිරිත් නූලක් ගැට ගසා ආශිර්වාද කළ 
						අවස්ථාව.  | 
					
					
						| 
						 
						   | 
					
					
						| 
						 මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා 
						නිකායේ අස්ගිරි මහා විහාරපාර්ශ්වයේ මහා නායක ගලගම 
						ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සි මහානායක මාහිමිපාණන් 
						වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභාවේ හිමිවරු 
						අග්‍රාමාත්‍යතුමා වෙත ආශිර්වාද පළ කළ අතර මහානායක 
						මාහිමිපාණන් වහන්සේ විසින් පිරිත් නූලක් ගැට ගසා ආශිර්වාද 
						කළ අවස්ථාව.  | 
					
					
						| 
						 
						   | 
					
					
						| 
						 රනිල් වික්‍රමසිංහ මහතා (21) ඉකුත්දා 
						පෙරවරුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව 
						අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 
						ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන් 
						අවස්ථාව.  | 
					
					
						
						  | 
					
					
						| 
						 ශ්‍රී ලංකා රාමඤ්ඤ 
						මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි 
						මහානාහිමියන් විසින් මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර 
						පිරිවෙනේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද 
						කළ අවස්ථාව. 
						ඡායාරූප ගාමිණි රණසිංහ  | 
					
					
						
						  | 
					
					
						| 
						 අග්‍රාමාත්‍ය ධූරයේ 
						දිව්රුම් දීමෙන් පසු දළදා සමිඳුන් වැද පුදා ගැනීමට ඉකුත් 
						දා (23) මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණි රනිල් 
						වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග 
						දෑල මහතා ප්‍රමුඛ සතර මහා දේවාල බස්නායක නිලමේවරු විසින් 
						පිළිගෙන රතු පලසක් මගින් දළදා මැදුර වෙත කැඳවාගෙන යනු 
						ලැබීය.රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාට වැඩ බලන දියවඩන 
						නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමරු තිළිණයක් පිළිගැන්වූ 
						අයුරු 
						ඡායාරූපය – මාධ්‍ය අංශය දළදා මාලිගාව  | 
					
					
						
						  | 
					
					
						| 
						 ජනාධිපති ලේකම් 
						කාර්යාලයේදී නව අග්‍රාමාත්‍යවරයා වෙත මහා සඟරුවනෙහි 
						ආශිර්වාද පළ කරමින් ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා 
						නාහිමියන් ආශිර්වාද කළ අවස්ථාව.  |