මහනුවර ඇසළ මහා පෙරහර 29 වැනිදා 
			කේ.බණ්ඩාරනායක 
			
			 
			මහනුවර ඇසළ මහ පෙරහරේ අවසන් රාත්‍රි මහා පෙරහර හා දියකැපුම් පෙරහර 
			අගෝස්තු 29 වැනිදා නිකිණි පුර පසළොස්වක පෝදා පැවැත්වේ. 29 වැනිදා 7.59 
			ට රාත්‍රී උතුරු දිශාභිමුඛව පෙරහර ශ්‍රී දළදා මාළිගාව අසලින් පිටත්ව 
			දළදා වීදිය යටිනුවර වීදිය, කන්දේ වීදිය,ඩී.එස්.සේනානායක වීදිය, ඔස්සේ 
			ගමන්කර රජවීදිය දිගේ ඉහළටවිත් ගෙවදී.  
			දිය කැපුම් පෙරහර 30 අලුයම 01.02 ට උතුර දිශාභිමුඛව මාළිගාව පෙරහර 
			සිව්දේවාල පෙරහර සමඟ පිටත්ව ගෙඩිගේ රජ මහා විහාරයට ගොස් සිරිත් ප්‍රකාර 
			කරඬුව එහි තැන්පත් කර සිව්දේවාල පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේවපූජා 
			පවත්වා ගැටඹේ දියතොටු- පොළටවිත් දියකැපුම් මංගල්‍යය සිදුකොට ආපසු 
			ගණදෙවි කෝවිලට විත් දේව පූජා පවත්වනු ඇත. සිරිත් පරිදි 30 වෙනිදා දහවල් 
			11.50 ට ගණදෙවි කෝවිලෙන් පිටත්වන සිව්දේවාල පෙරහර සවස 2.14 ට ගෙඩිගේ 
			විහාරයෙන් පිටත්වන මාළිගාවේ පෙරහර පෙරටු කරගෙන ඩී.එස්.සේනානායක වීදිය, 
			පන්සල පාර, දේව වීදිය, රජ වීදිය දිගේ ගමන් කර මාළිගා චතුරශ්‍රයේ ගමන්කර 
			සවස 4.20 ට වයඹ බලා ගෙවදී.  
			සම්ප්‍රදාය අනුව පෙරහර පුවත ජනාධිපතිතුමාට සැලකිරීමට දියවඩන නිලමේ 
			ප්‍රධාන බස්නායක නිලමේවරුන් පෙරහරෙන් ජනාධිපති මන්දිරයට ගොස් දියවඩන 
			නිළමේතුමා සංදේශය ජනාධිපතිතුමාට පිළිගන්වනු ලබයි.   |