Print this Article


අනුරාධපුර සදහම් සෙවණේ ළමා භාවනා වැඩසටහන

අනුරාධපුර සදහම් සෙවණේ ළමා භාවනා වැඩසටහන

අනුරාධපුර ,උණගස්වැව, වේළුවනගම, අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේදී පාසල් යන දරුවන් සඳහා භාවනා වැඩසටහන් පැවැත්වේ. සෑම බ්‍රහස්පතින්දාවකම පස්වරු 3 ට ඇරැඹෙන මෙම භාවනා වැඩසටහන් පස්වරු 5 දක්වා පැවැත්වෙයි.

ඒ අනුව අගෝස්තු මස 27 බ්‍රහස්පතින්දා පස්වරු 3 ට සිට පස්වරු 5 දක්වා මෙම භාවනා වැඩසටහන පැවැත්වෙයි. පාසල් යන දරුවනට තමනට පහසු වේලාවක පැමිණ මෙම භාවනා වැඩසටහනට සහභාගි විය හැකිය. සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසින් එම භාවනා වැඩසටහන මෙහෙයවනු ලැබේ.