Print this Article


බුදු ගුණ භාවනාව

බුදු ගුණ භාවනාව

ජූලි 15 වනදා පත්‍රය හා සම්බන්ධයි

විජ්ජාචරණ සම්පන්න ගුණය - 20

17. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දස කල්ප අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( අයබදු නොගෙවු අය මෙහි උපදී )

18. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකා දස කල්ප අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බණපොත් විනාශ කළ අය, වෙහෙර විහාර විනාශ කළ අය මෙහි උපදී )

19. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ද්වාදස කල්ප අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අසාධාරණ නඩු තීන්දු දුන් අය මෙහි උපදී)

20. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තේ රස කල්ප අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සඟ සතු දේ අන් අයට දුන් අය උපදී)

21. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චුද්දස කල්ප අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (දුප්පත් ජනතාවගේ ඉඩකඩම් බලහත්කාරයෙන් ගත් අය මෙහි උපදී )

22. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංච දස කල්ප අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අධර්මයෙන් රට පාලනය කළ අය, අන්සතු දේ උදුරාගත් අය මෙහි උපදී )

23. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝලස කල්ප අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අන්සතු දේපල උදුරා කා බී ජීවත් වූ අය මෙහි උපදී )

24. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවත්තංතර අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (වැඩ කරවාගෙන වැටුප් නොගෙවූ අය මෙහි උපදී )

25. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මහාකුළු අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මව්පියන්ට, ගුරුවරුන්ට අගෞරව කළ අය මෙහි උපදී )

26. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උච්චාරූල්හ අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

27. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආරාමදූසක අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( බෝමළු, විහාර මළු, චෛත්‍ය මළු, වලට හිස් වැසුම්, පාවහන් දමාගෙන ගිය අය මෙහි උපදී )

28. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගීතග්ග අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජා-චරණ සම්පන්න නම් වන සේක. (විහාර මළුවලට පූජා කළ දේවල් විනාශ කළ අය මෙහි උපදී )

29. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගෝවු තග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (පූජා භූමිවල මල මුත්‍ර ගොනුන් ලවා කළ අය මෙහි උපදී )

30. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මුක්තකරිසග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (පූජා භූමියේ මලමුත්‍ර කළ අය මෙහි උපදී )

31. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුස මලග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (විහාර, බෝධි චෛත්‍ය මළු අපිරිසුදු කළ අය උපදී )

32. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගින්දර අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

33. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනුපට්ටි තග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට උපස්ථාන නොකළ අය මෙහි උපදී )

34. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කුම්බග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සඟසතු දේ පාවිච්චි කළ ගිහි අය මෙහි උපදී )

35. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අභූ තග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බොරු කියන අය මෙහි උපදී )

36. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විපරි තග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නිගන්ඨයන් උපදී )

37. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසි තග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මත්පැන් පානය කළ අය උපදී )

38. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නෙල තග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බුද්ධ ප්‍රතිමා, චෛත්‍ය ඉදිරියේ පහන් දල්වා අපිරිසුදු කළ අය මෙහි උපදී )

39. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නුට්ටුහි තග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිල්වතුන් ගුණවතුන් දැක කාරා කෙල ගැසූ අය මෙහි උපදී )

40. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විරව් තග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බලවත් ආදරයකින් හඬා වැලපී මළ අය මෙහි උපදී )

41. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සයන තග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (විහාරාරාම කිලුටු කළ අය උපදී )

42. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරභණ්ඩ හර අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සොරකම් කළ අය උපදී )

43. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විතභිරග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ශෝකයෙන් මැරුණ අය උපදී )

44. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විලසග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (කම් සැපයෙහි ගිජු වූ අය මෙහි උපදී )

45. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ක්‍රෝධ තග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( තරහ පුද්ගලයෝ උපදී )

46. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ හස්සාදිප්පාය අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිල්වතුන්ට ගුරුවරුන්ට සිනාසෙමින් කවටකම් කළ අය මෙහි උපදී )

47. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඝටි තග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිල්වතුන් ගුණවතුන් වෙහෙසට පත්කළ අය මෙහි උපදී )

48. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උඨටාභි තග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (දෙමාපියන් සතු දේ විනාශ කළ අය මෙහි උපදී )

49. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උද්ධන ඡාරිකා අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ස්වාමියාට නොසැලකූ අය මෙහි උපදී )

50. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පතන දායග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිල්වත් උතුමන් යන එන පාර වැසූ අය මෙහි උපදී )

51. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දිට්ඨානුගතග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිල්වතුන්ට ගුණවතුන්ට බැණ බැණ ඇවිදින ලද අය උපදී )

52. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුප්ප මුසලග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (හාල්, ධාන්‍ය විනාශ කළ අය මෙහි උපදී )

53. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තේල හත අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (දෙමාපියන්ට අගෞරව කළ අය මෙහි උපදී )

54. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ යක්ඛග්ගි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිල්වතුන් ගුණවතුන් භය කළ අය මෙහි උපදී )

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සාධු ! සාධු ! සාධු !