Print this Article


කිරිමැටියාන සුධම්මවංසාරාමය

කිරිමැටියාන සුධම්මවංසාරාමය

කිරිමැටියාන සුධම්ම වංසාරාව මහා විහාරස්ථානයේ දී අගෝස්තු 31 වෙනි දා දක්වා සෑම දිනකම රාත්‍රී 7.00 ට ධර්ම දේශනාවක් පැවැත්වේ.

15 වැනිදා පොල්පිතිගම දොරවේරුව අශෝකාරාමාධිපති උඩුදුම්බර චන්දරතන හිමි (කවි බණ), 16 වැනිදා රත්මලාන ධර්ම පර්යේෂණලාධිපති හෑගොඩ විපස්සි හිමි, 17 වැනි දා බියගම ශ්‍රී සුධර්මාරාම මහා විහාරාධිපති බෙලිගල අමරසිරි හිමි, 18 වැනිදා තලල්ලේ චන්දකිත්ති හිමි, 19 වැනිදා ඇහැටුවැව ශ්‍රී ගෞතමාරාධිවාසී ඇහැටුවැවේ ප්‍රදීපා ධම්මපාලි සිල් මෑණියෝ සහ ඇහැටුවැවේ දීපා ධම්මපාලි සිල් මෑණියෝ (යුගාසන කවිබණ), 20 වැනිදා ගංගොඩවිල පඤ්ඤෝදයාරාමාධිපති මඩිහේ සුගත සිරි හිමි. 21 වැනිදා පොකුණුවිට ශ්‍රී විනයාලංකාර විහාරවාසී කුකුල්පනේ සුදස්සි හිමි, 22 දා කෝන්ගස්වල ශ්‍රී නන්දාරාමාධිපති ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය දෙනිකේ ආනන්ද හිමි, 23 දා වැල්ලව රිකිල්ලගමුව ලුණුකඩවැල්ල රජමහා විහාර භාරකාර කිරිඳිගල්ලේ ඤාණරතන හිමි, 24 දා හිරිපිටිය අලුත්ගම අභිනවාරාමාධිපති ආචාර්ය ගලගෙදර අමරතන හිමි, 25 දා අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යන අංශයේ කථිකාචාර්ය අක්මීමන ධම්මපාල හිමි, 26 දා නුගේගොඩ ගුණානන්ද හිමි, 27 දා අලව්ව නුගවෙල පුරාණ විහාරවාසී නුගෙවල ශ්‍රී සෝනුත්තර පිරිවෙනේ ආචාර්ය කැලේගම මහින්ද හිමි,(කවිබණ) 28 දා මාවනැල්ල ජාතික පාසැලේ ආචාර්ය පන්නල ආනන්ද හිමි. 29 වැනිදා නිල්දණ්ඩාහීන්න ශ්‍රී සුදර්ශනාරාමවාසී තුන්හිටියාවේ පඤ්ඤාරතන හිමි, 30 දා කොළොන්නාව ශ්‍රී බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිධ හිමි, 31 දා කොළඹ බම්බලපිටිය මෙත්තාරාම විහාරවාසී, පැළෑනේ මහින්ද හිමිවරුන් දෙසුම් පවත්වති.